හොරකම රට පුරාම පැතිර ඇති බවත් උගතුන් යැයි කියන අය පවා කෝටි ගණන් පොලු තබන තත්ත්වයට පත්ව ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණි කවිරත්න පවසයි. ‘‘උද්ධමනය නිසා පසුගිය කාලයේදී බුද්ධිගලනය සිදු වුණා.
බුද්ධිමතුන් හුගාක් කලකිරිලා හිටියේ. ඒ අයට තමන්ගේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට නොහැකි වුණා ජීවත් වෙන්නවත් බැරි තත්ත්වයක් උදා වුණා, බදු අධික ලෙසින් අය කර ගැනීම නිසා රට තවත් අර්බුදයකට වැටුණා. ‘‘
කුමන තත්ත්වයක් යටතේ හෝ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හෝ රාජ්ය නිලධාරීන් හෝ ආචාර්ය මහාචාර්යවරුන් කවුරුන් කළත් වරද වරදක්ම බවත් මේ තත්ත්වයට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවත් ඇය පෙන්වා දෙයි.