Home » බස් රථ 200ක් අළු ගසා පාරට එයි

බස් රථ 200ක් අළු ගසා පාරට එයි

by Mahesh Lakehouse
February 10, 2024 12:33 am 0 comment

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200ක්‌ ප්‍රතිසංස්කරණය කර යළි ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසය වන විට ලංගම ඩිපෝවල බස් රථ 852ක් ධාවනයෙන් ඉවත් කර තිබූ අතර, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් විසින් මෙම බස්රථ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

2023 වසරේ ආරම්භ කරන ලද මෙම බස් රථ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 193 ක් එසේ ප්‍රතිසංස්කරණ කර ඇති අතර ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 193කි.

එහි දෙවන අදියර යටතේ බස් රථ 201ක්‌ ප්‍රතිසංස්කරණ කර ඇත. ඒ සඳහා සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 270කි. ‌

නව බස්රථ 200ක්‌ මිලදී ගන්නේ නම් වර්තමාන මිල යටතේ රුපියල් මිලියන 4200ක්‌ පමණ වැය කිරීමට සිදුවේ. මෙලෙස ප්‍රතිසංස්කරණ කරන ලද බස් රථ දෛනිකව ධාවනයට යෙදවීමෙන් රුපියල් මිලියන 10ක පමණ දෛනික ආදායමක් ලබා ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබේ. ඉන් ලැබෙන ශුද්ධ ලාභය රුපියල් මිලියන 4කි. ඒ අනුව ප්‍රතිසංස්කරණ කරන ලද මෙම බස් රථ 200 ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 1200ක උපරිම ශුද්ධ ලාභයක් – රුපියල් මිලියන 900ක අවම ශුද්ධ ලාභයක් වාර්ෂිකව ලබාගැනීමට හැකිවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division