මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනයෙන් පසුගිය 2023 වසරේ අෙමරිකන් ඩොලර් මිලියන 477.65 ක (රුපියල් කෝටි 15535) විදේශ විනිමයක් උපයා ගත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසයි. ඉන් වැඩිම ආදායම වන ඩොලර් මිලියන 269.95 උපයා ඇත්තේ දියමන්ති ප්‍රතිඅපනයනයෙනි. මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 194.52ක් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් ඩොලර් මිලියන 12.95 ක් උපයා තිබේ.
2024 ජනවාරි මාසයේ තුන්වැනි සතිය වන විට, ඩොලර් මිලියන 34ක් උපයා ඇත. 2024 වසරේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ඉලක්කය ඩොලර් මිලියන 1.1 ක් බවද සභාපතිවරයා පැවසීය. අධිකාරිය විසින් ගිය වසරේ උපයා තිබෙන විදේශ විනිමයට අමතරව, අපනයන සේවා සැපයීම මඟින් ලබා ගන්නා සේවා ගාස්තු වශයෙන් රුපියල් මිලියන 277.84 ක් උපයා ඇති බවත්, අධිකාරිය විසින් උපයන ලද සමස්ත ආදායමෙන් රුපියල් මිලියන 350ක් පසුගිය වසරේ මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවත් ඔහු පැවසී ය.
ඉනෝකා පෙරේරා බණ්ඩාර