Home » විදේශ සංචිත වැඩි කිරීමට නිදහස් වෙළෙඳ ගිවිසුම් 6ක්!

විදේශ සංචිත වැඩි කිරීමට නිදහස් වෙළෙඳ ගිවිසුම් 6ක්!

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගෙන රටවල් 6ක් හා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු යොදමින් සිටින බව ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී කේ.ජේ වීරසිංහ සිළුමිණට කීය.

විදේශ විනිමය සංචිත වැඩි කිරීමට නිදහස් වෙළෙඳ ගිවිසුම් 6ක් කෙරෙහි මෙසේ අන්තර්ජාතික ගිවිසුම් හා එක්ව කටයුතු කරනු ලබන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියාව සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක වුවත් එය භාණ්ඩ සඳහා පමණක් සීමා වී ඇති බවත් එම ගිවිසුම තවදුරටත් පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද එමෙන්ම සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වන විටත් ක්‍රියාත්මක බවත් මේ වන විට තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මැලේසියාව හා ගිවිසුම් මේ වන විට ඉතා හොඳ මට්ටමේ සාකච්ඡා ඇති බවත් ඉන්දුනීසියාව හා ද්විත්ව කටයුතු සඳහා සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු කීවේය. චීනය හා ගිවිසුම් අත්සන් කිරීමේදී චීනය දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයන කටයුතු කළ යුතු බවත් චීනය ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකි බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරනු ලබන බවද ඔහු කීවේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division