Home » රාජ්‍ය සංගීත උලෙළ මාර්තු 6 දා නෙලුම් පොකුණේදී

රාජ්‍ය සංගීත උලෙළ මාර්තු 6 දා නෙලුම් පොකුණේදී

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

රාජ්‍ය සංගීත උලෙළ – 2024 මාර්තු මස 06 වෙනි දින නෙලුම් පොකුණ එළිමහන් රංග පීඨයේදී ප.ව. 6.00ට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා සම්මාන සඳහා නිර්දේශිත ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

“සුභාවිත සංගීත කලාවක හෙට දවස” අරමුණු කරගෙන විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගැයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සංගීත උපදේශක සභාව එක්ව මෙම උලෙළ සංවිධානය කරයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සංගීත විෂයට සමගාමී ඊට හිතැති ප්‍රවීණ හා නවක ශිල්පීන්ගේ නිර්මාණ කැඳවා (Email මඟින්) එම නිර්මාණ 2000ට අධික ප්‍රමාණයක් අතරින් තරග ශිර්ෂ 34ක් ඔස්සේ විනිශ්චය කටයුතු සිදුකොට විශිෂ්ටතම නිර්මාණ තෝරා සම්මාන 17ක් ජූරියේ විශේෂ සම්මාන 06ක් නිර්දේශ 18ක් කුසලතා සහතික 22ක් යාවජීව සම්මාන 02ක් ලෙස ප්‍රදානය කිරීමට මෙහිදී අපේක්ෂිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division