Home » තලංගම ජීවන සිත්තම නිම කරයි

තලංගම ජීවන සිත්තම නිම කරයි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ලංගම මහත්මයා නැතිවෙලා. හෙට අවසන් කටයුතු කරනවා.“ මේ ආරංචිය ලැබුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය. හරියටම ගෙවුණ සිකුරාදා (09) උදෑසන දහය පමණ වන විට තලංගම ජයසිංහ නම් වූ ආදරණීය මිනිසාට ආදරය කළ කවුරු කවුරුත් බොරැල්ල ජයරත්න ශාලාවට එක් වුහ. එහිදි ඔහුගේ අවසන් කැමැති පත්‍රය කියවන ලදී. ගුණ කතන, ආගමික වතාවත් නැති ඒ අවමඟුල ඉතාම චාම් අයුරින් බොරැල්ල ආදාහනාගාරයේදී පවුලේ ඥාතින්, ඔහුට ආදරය කළ මිනිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු විණි. ඔහු සේම ඔහුගේ ජීවිතය ද බොහෝ සරල යැයි හැගෙන්නට එ් සුළු මොහොත හොඳටම ප්‍රමාණවත් වුවා යැයි සිතේ.

චිත්‍ර කතා කලාවේ එක්තරා යුගයක් සනිටුහන් කළ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියකුගේ ජීවන ගමන ඉකුත් 08 දායි අවසන් විය. පත්තර මහගෙදරින් පුවත්පත් දිවිය ඇරඹි ඔහු එවකට දහඅට හැවිරිදි වියේ පසු වුයේය. ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නමු වූ ඔහු පසු කලෙක කවුරුත් හඳුනන්නේ තලංගම ජයසිංහ යන නමිනි. දකුණු තලංගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ කලායතනයට බැඳී එහි චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේය.

රජයේ කලායතනයෙන් පිට වූ පසු 1957 වසරේදී ලේක්හවුස් ආයතනයේ නිත්‍ය සේවයට එක්වන තලංගම ජයසිංහ දිනමිණ පුවත්පතට සිතුවම් කරන ලද “චිත්‍රා“ ඔහුගේ පළමු චිත්‍ර කතාව වේ. ඇටසැකිල්ල, මිනිස් දඩයම, පණට පණ, මා ආලය කළ තරුණිය, ව්‍යාඝ්‍රයෝ ආදි කතා රැසක් නිර්මාණය කළ ඔහු එවකට ලේක්හවුස් නිවෙසින් බිහි වූ මධුර චිත්‍රකතා පත්‍රයේ කතුවරයා ලෙස ද කටයුතු කරන්නේය. 1980 වසරේදී මධුර චිත්‍ර කතා පත්තරයේ කතුවරයා වන ඔහු වසර දහ අටක් ඒ කතු කම දරන්නේය. ඔහුගේ යුගයේ බොහෝ චිත්‍ර ශිල්පීන්ට තම දක්ෂතා දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය.

චිත්‍ර කතා 72 ක් පමණ සිතුවම් කර ඇති තලංගම හොඳ කවියකු ද වේ. තලංගමයන් විසිින් වියුරු මුහුද නමින් සිතුවම් කරන ලද චිත්‍ර කතාව පසු කළෙක සිනමාවේදී එච්. ඩී ප්‍රේමරත්නයන් විසින් සප්ත කන්‍යා නමින් සිනමාවට නැඟීය.

“මම මගේ කාලයේ ආයතනයට බොහෝම අවංකව සේවය කළා. තරුණ නිර්මාණ කරුවන්ට ඉදිරියට එන්නට අත දුන්නා. ඒ යුගයේ චිත්‍ර කතාව බොහෝම ජනප්‍රියයි. මේ යුගයේ නම් චිත්‍ර කතාවට ඒ තරම් ඉඩක් නැහැ. ඒත් අපේ රටේ යුගයක් නියෝජනය කරන්නට චිත්‍ර කතාවට පුළුවන් වුණා.“

ඒ තලංගම නිතර කියූ කතාවකි.

ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ලංකාදීප පුවත්පතට සම්බන්ධ වූ ඔහු තම දෑතේ ශක්තිය තිබෙන තුරුම පැන්සල අත්නොහැරියේය.

වසර ගණනක් තිස්සේ ලංකාදීප පුවත්පතට “Aතුමා, පලාමල්ල කාටුන් නිර්මාණය කළේය.

තලංගම ජයසිංහ චිත්‍ර ශිල්පියාණෙනි ඔබට නිවන්සුව ලැබේවා!

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division