Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ව සැසිවාරය විවෘත කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තු අමතා කළ ඓතිහාසික කතාවේ රාජ්‍ය මූල්‍ය හා ආර්ථික අර්බුද‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කතාව මෙවර කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය පදනම් වෙයි.

“2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට ගොඩ නැංවී තිබෙනවා.

ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මම පෙන්වා දෙන්නම්.

ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6.4 දක්වා පහළ වැටිලා. ආහාර උද්ධමනය සියයට 54.4ක්. අද එය සියයට 3.3යි. එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි.

2022 අවසාන වෙද්දී අය වැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප්‍රාථමික අය වැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අය වැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණු 6 වැනි අවස්ථාව මෙයයි.

2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.

2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි.

2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.

තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.

2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින්

ජනාධිපතිවරයා කළ කතාව

එතුමා හෙළිදරව් කරනු ලැබූවේ මේ දැවැන්ත ආර්ථික අර්බුදයට හේතු වූ මෙම කරුණු දෙක පිළිබඳවය. එනම් රාජ්‍ය අය වැයේ හිඟය හා ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය පිළිබඳවය. ජනාධිපතිතුමා සංක්ෂිප්ත වශයෙන් සඳහන් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ 2023 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකිය…..”

ඉහත සංඛ්‍යා සටහන් ශ්‍රී ලංකාවේ සියලූම දේශපාලන නායකාරකාදීන්, විනිසුරුතුමන්ලා අමාත්‍යාංශ ලේකම්වරු අතුළු සමස්ත රාජ්‍ය සේවකයන් ඉහළම විචක්ෂණශීලි බුද්ධියකින් විමසා බැලිය යුතුය. ඒ අනුව දළ වශයෙන් ලංකා ආණ්ඩුවට 2023 වර්ෂයේදී බදු හා බදු නොවන සියලූම ආකාරයන්ගෙන් ලැබුණු මුළු ලැබීම් රුපියල් ට්‍රිලියන 3කි.

ආණ්ඩුව එදිනෙදා වියදම් දැරීමට ට්‍රිලියන 4කට වඩා වැය කොට ඇත. ඒ අනුව කවුරු ජනාධිපති වුවත් කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් ආණ්ඩුවක් එදිනෙදා පවත්වා ගෙන යාම සඳහා දරන වියදම පියවා ගැනීමට ප්‍රමාණවක් ආදායමක් ලංකා ආණ්ඩුවට නොමැත.

2023 වර්ෂයේදී ආණ්ඩුව එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාම සඳහා පමණක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලිනයකට වඩා වැඩිය.

2023 වර්ෂයේදී සියලුම ආකාරයන්ගෙන් මහා භාණ්ඩාගාරයට ට්‍රිලියන 3ක් ලැබෙන විට වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම, වෙනත් සහනාධාර, ණය වාරික හා පොලී ගෙවීම් ප්‍රාග්ධන වියදම් යනාදිය සඳහා පිටතට ඇදී ගිය මුදල ට්‍රිලියන 13කි. (රුපියල් බිලියන 1000ක් ට්‍රිලියන 1කි.) ට්‍රිලියන 3ක් ලැබී ට්‍රිලියන 13ක් වියදම් කොට ඇත්තේ 2023 වර්ෂයේදීද රජය ට්‍රිලියන 10 කටත් වැඩි ප්‍රමාණයක් ණය වශයෙන් ලබාගෙන ඇති බැවිනි.

ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ඇමැතීමේදී මේ පවතින්නේ ආර්ථික ප්‍රශ්නයක් වන බවත්, එයට කිසිදු දේශපාලන විසඳුමක් නොමැති බවත්, ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම් පමණක් බවත් එතුමා අවධාරණය කළේය. මෙකී උක්ත සංඛ්‍යා දත්තවල දැක්වෙන මහ පොළොවේ ප්‍රායෝගික යථාර්ථයට එහා ගිය සිහින ලෝකවල දේශපාලන කතා පවත්වා ජනතාව මුළා කරන දේශපාලන නායකාරකාදීන්ට පාර්ලිමේන්තුව හරහා ලබාදුන් පණිවිඩය කාලෝචිතය. අතිශයින් වැදගත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division