Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

නිද­හස් තොරණ

ස-සැත්තෑ වසක් පෙර දිනෙක අද වන් පොරණ
සුරත් පෑ පෙර­ඹ­රෙක නැඟිණි සිහ දද එරණ
අදත් සැම­දෙන එක් ව සුප­සන් ව ලක් දෙරණ
යළිත් දැය ගොඩ­න­ඟමු එයයි නිද­හස් තොරණ

ජයත් පිය­ද­සුන්


කිණි­හිර

ගිනි­යම් යකඩ කිණි­හිර මත තබන ලද
කුළු­ගෙඩි පහර දී එක­පිට විඳින වද
දහ­ඩිය මුගුරු ඔබ සිරු­රෙන් ගලන ලද
දුටු­වෙමි පියා­ණෙනි ඔබ පුතු පසෙක ඉඳ
කන්නේ අඳින්නේ ඉගෙ­නුම ලබන්නේ
ලෙඩ­කදි දුක­කදි විය­දම දරන්නේ
මතු දින­කදී ලොව දිනු­මට පතන්නේ
ඔබෙ දහ­ඩි­යයි අප සිරුරේ දුවන්නේ
ඔබගේ පැතුම හද­වත තුළ දරා­ගෙන
පාඩම් කළත් පොත­පත නිදි මරා­ගෙන
දස අත ගියත් රැකි­යා­වක් සොයා­ගෙන
විස­ඳුම් නොමැත ආවෙමි සිත හදා­ගෙන
මා පසු­වුණා ඔබ ඉක්මන් වෙලා වගේ
කීමට කෙනෙකු නැති නින්දේ පියා මගේ
ඇර­ඹී­මට ගමන ඔබ ගිය ගමන් මඟේ
කිණි­හිර කුළු ගෙඩියෙ විස­ඳුම කරමි අගේ

දීප්ත කරු­ණා­රත්න


සංසාර ගමන

බුදු හාමු­දු­රු­වන්
හමු වුණා නම්
එද මිග­දායේ
මෙවන් දිගු ගම­නක්
එන්නෙ නැහැ
අපිත් සංසාරේ….
කිසා­ගෝ­තමි පටා­චාරා
රජ්ජු­මා­ලා­වන්
වගේ පින් බලා
නොඋන් හින්දයි
අදත් සංසාරේ
නොමළ ගෙය­කින්
අබ හොය­න්නට
“කිසා” ගිය පාරේ
මාත් පිය­වර එසෙ­ව්වා­නම්
අද නිවන් පුරේ

චින්තා කරු­ණා­රත්න


අග්බෝ

මහ වන­යට උඹ
රජෙක් බව ඇත්ත
ඒත් උඹෙ දැඟ­ලිල්ල
මිනි­සුන්ට මහ­ව­ද­යක්…
දළ දෙකක්
කටු ඔටු­න්නක් උඹට…
වහන් වී හිට­පන් ටිකක්
ඈත වන­යට වෙලා
අකා­රු­ණික නොමි­නි­සුන්ගේ
උණ්ඩ­යට නෑ බං
හිතක් පපු­වක් …
අනු­න­ව­යෙන් බේරුණු
උඹේ ඔය පණ කෙන්ද
රකි­න්නට කෙනෙක් නැති
මේ වියරු ලෝකයේ
උකුසු ඇස්ව­ලින්
වහන් වෙයන්
අකා­ලයේ දැවී යන
පන්දු­වක් නොවී…

රත්නසිරි පතිරණ


මාතු පාදං

දස­කඩ මසක් කුස තුළ මා හොවා­ගෙන
අප­මණ දුකක් මා වෙනු­වෙන් දරා­ගෙන
සිත තුළ බියක් නොතබා පසු නොබා­මින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනා­ගෙන
නියඟ පිට නියඟ ආවත් මිහි මතට
නොදැ­නෙන ලෙසින් මහ සයු­රට
විඳ­ගෙන දුක වුවත් සතු­ටක් ලෙසට
සෙනෙ­හස පිදුවෙ ඔබ මහ­මෙර ලෙසට
පැමි­ණිදා පටන් මා ඔබේ කුස තුළට
ඉව­තදා සිතින් අන් සැප මුල්ල­කට
බිහි­වූදා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතු­ටින් සිනා පෑවේ මා තුරුලු කොට

ඒ.එම්. අබේ­සිංහ බණ්ඩා


සඳට ලියු කවි

සඳ ඔබ නොද­නි­තත්
ඔබ දකින සැම දිනක
මම ඔබට
කවි­යක් ලියමි…
ළං වෙන්න බැරි තරම්
ඔබ බොහෝ දුර වුවත්
මම ඔබට
අදත් කවි­යක් ලියමි…

මාලතී රූපිකා පුංචි­හේවා


හිත මිතුරා

පාළුව දැනෙන විට තනි­කම ඇති සිතට
ළෙන්ග­තු­ක­මින් නුඹ අර­ගෙන මගෙ අතට
ලිය­නෙමි යමක් ගළපා පද අකුරු කොට
මම ආද­රෙයි පණ මෙන් මගෙ පන්හි­ඳට
ටයිප් මැෂිම පරි­ග­ණ­කය දියුණු ලොවේ
ඇත ඉදි­රි­යට ඇවි­දින් බඩු නව­තාවේ
එන­මුදු පන්හි­ඳය මට සෙනෙ­හස පෑවේ
දුප්පත් අපේ සුරතේ නුඹ දැව­ටුණාවේ

අජිත් ජෝතිය සත­ර­සිංහ


මුදලේ බලය

පින් කාරයා
පවු­කා­රයා කරයි
පවු­කා­රයා
පින් කාරයා කරයි
සත්‍යය
අසත්‍ය කරයි
අස­ත්‍යය
සත්‍ය බවට පත්ක­රයි
ප්‍රශස්ති ගැයිය යුත්තන්ට
අගෞ­රව කරයි
අගෞ­රය කළ යුත්තන්ට
ප්‍රශස්ති ගයයි

ජගත් ජය­වි­ක්‍රම


සොඳුරු හුදෙ­ක­ලාව

සඳ­කැන් ගල­මින්
කිරි වතුරේ නැහැ­වෙන
අහස පොළොව
පිරි­ම­දියි නෙත
නිශා­න්ත­යට පිටුපා
හමන සුළං රොද
ගයයි ගීත­යක්
පුර­වා­ල­මින සව­නත
කණා­මැ­දිරි එළි රැහැයි හඬ
තාරකා මල් යාය
සත­ප­වයි හද­වත
මේ පාළු දනව්වේ

චාන්දනී දේවිකා


මට සුව­ඳයි අම්මේ

කඩුල්ල පැන ළඟ එන විට
මට සුව­ඳයි අම්මේ
ඔබේ මුවින් වීසි කරන
බුලත් හපෙත් මට සුව­ඳයි අම්මේ
ඔබ ඇඟලු කිලිටි රෙද්ද
හබුන් කටයි බත් දෙක­ටයි
මට සුව­ඳයි අම්මේ
ඔබ උකුලේ සිටින විටත්
පුන­රා­ග­ම­නය නොකර
හිත නොරිදා කවි­යක් වී
සුර­ලොව දෙව­ඟ­නක වගේ
බව සස­රින් එගොඩ වන්න

කේ. ජී. සංඝ­දාස


ස්වාමිනී

ස්වාමීනී මියැ­දේවි මේ මාගෙ ළය පැලී
සල්ලි වෙනු­වට අම්ම ඉල්ලන්නෙ දූ කෙළී
හැම­දාම උන්න වාගෙම පෙමින් ඇලි ඇලී
නියෝ­ගය දෙනු මැනවි ඈට එන්නට යළී

චාරුණී ජය­වීර


පැතුම

සිරි­ලක නමින් දුල
තඹර පුරා අද කොල­හල
මදෑ කළ අර­ගල
අලුත් කර­මුද හද බල!

කීර්ති එස්. කුමාර


යෞවන ප්‍රේමය

යෞවන පොද වැස්සට දලු ලා ගෙන
මනසේ ආශා පඳුර වැඩි ගෙන
දහ­සක් සීමා තහංචි අතරේ
රාගී සිති­විලි ගැබ් ගෙන කකි­යයි
දින සති ගෙවිලා මාස ගණන් ගොස්
කල් යල් සැපැ­මිණි නොසිතු නිමේ­ෂෙක
නෙත­ගින් ලද ඒ ඇර­යුම මත්තේ
යෞවන ප්‍රේමය පිදු­වෙමි ඇය වෙත
හිතු­ව­ක්කාරී මනස කර්ක­ෂයි
යෞවන ප්‍රේමය බොල­ඳ ද මෙත­රම්
සැක­හැර බැලු­වෙමි පියවි ඇසින් මම්
විළි බිය පහ­වුණ දෙතො­ලකි එය නම්

බිමල් හේරත් මුද­ලි­නා­යක


සෙනෙ­හස

අප අතරෙ නොබි­ඳෙනා තියෙන දැඩි බැඳී­මක්
නොදු­න්නේය කිසි විටෙක දුකක් සිත් රිදී­මක්
ඔබ තුරුලෙ විඳි සුවය සිත නිවන විඳී­මක්
හැම දිනම ලැබේවා ඔබ වැනිම හිමි­යෙක්
ඔබට මා මා ඔබට ළෙන්ග­තුව හිඳි අයුරු
අප දෙදෙන දනී නොද­නි­තත් කොයි කවුරු
ආද­රය දුන් තරම පර­ද­වයි මහ සයුරු
හැම­දාම ලැබේවා ඔබෙ ආදර පඬුරු
අද නිමා­වක අරුත හෙට දිනට ඉප­දීම
උරු­ම­යකි ලෝදම් නිය­ම­යට නතු­වීම
හිසට සෙව­ණක් වී දුන් සිතට සැන­සීම
පත­නෙමි ඔබව ඉත­සි­තින් මම හැම­දාම

මංගලි ගුණ­සේ­කර


පුතුනි

හිනැ­ගෙන නටන දඟ­ලන හැඩ කොට නිවස
හිත යොමු කරන නිර­තුරු ඉගෙ­නුම පිණිස
රජ­කම කිරුළ සේ දිදු­ලන මා සිරස
මත­කයි පුතුනි මට ඔබ ඉප­දුණු දවස
වය­සින් වසර දොළ­හක් ඔබ නැණ­වත්ය
බුදු­බණ සමඟ ඔබ කව­දත් හිත­වත්ය
පොඩ්ඩක් දඟය එන­මුදු ඔබ හුර­තල්ය
ඔබ ගැන සිතන එක මට හරි සතු­ටක්ය
දව­සින් දවස පෙර ගම­නක යෙදෙන පුතේ
කරු­ණක් කියමි රැඳ­විය යුතු නිතර හිතේ
ගුණ නැණ සුවඳ රඳවා ලොව සතර අතේ
ඉප­දුණ බිමට පහ­නක් විය යුතුය පුතේ

ගාමිණී චන්ද්‍ර­සේන


පියඹ

උදයේ බත් එකක් බැඳ­ගෙන පිට­වෙ­නවා
කන්තෝ­රු­වට අට වෙන­කොට රිංග­නවා
යන එන ලිපි අතර පැය ගත වෙනවා
හත­රයි කියා දව­සට තල්ලුව දෙනවා
මිතු­රන් අතර මහ­මඟ කනි­ස­මක් හිඳ
ආ ගිය කතා මැද මීවිත ටිකක් විඳ
අඳු­රද සමඟ මා නිවෙ­සට යනෙන සඳ
පෙර මඟ බලා ඇත මගෙ පිය බිරිඳ
වුව­නත බැලිමි එය වෙහෙ­සින් බරව ඇත
කිසි­වක් පිළි­බඳ මැසි­විලි නැඟුවෙ නැත
පවු­ලක බර දරන් දව­සම දරන තැන
දකිනා විටදි තෙත් වෙනවා මගෙ දෙනෙත
සෙනෙ­හස දයා ආදර කරුණා ගුණය
ඇය සතු නිසා හැම­ටම ඇය හිත­ව­තිය
දරු­වන් ළඟදි ඇගෙ හිත වැඩි­යෙන් මුදුය
මගෙ නිව­හ­නට හැමදා ඇය සිරි­ක­තය

මොර­ගොල්ලේ සෙනෙ­වි­රත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division