Home » සූනියම් දේව ඇරියුම් දැහැන

සූනියම් දේව ඇරියුම් දැහැන

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

සූනියම් දෙවියන් එසේත් නැතිනම් ‘සූනියම් යක්ෂයා’ පිළිබඳව ජනතාවගේ විශ්වාසය සහ භක්තිය අතිමහත්ය. උන්වහන්සේ පිළිබඳව ඔබගේ අදහස යම් තාක් සත්‍ය වූද ඇතැම් විට වැරදි වූද විය හැකිය.

ගම්බාර දෙවියන් පමණක් නොව ඕනෑම දේවි කෙනෙකුගේ ආකර්ෂණයක් ඔබ වෙත ලැබෙන්නේ ඔබගේ සිතේ මැවෙන රූපානුකූලවය.

එයින් විශ්වාසය සහ භක්තිය ගොඩනැඟේ. පුරාණ සෘෂි මතය වන්නේ විශ්වාසය සහ භක්තිය මත දේවානුරූප විශ්ව ශක්තිය තම චිත්ත සන්තානය තුළ විස්මිත බලයක් පිහිටුවන බවයි. වර්තමානයේ වුවද ඒ සියල්ල බැහැර කළ යුතු නොවේ. දේව බලය අතීතයේ සුලබ ප්‍රවණතාවක් වුවද වර්තමානයේදී විස්මිත අත්දැකීමක් බවට පත්වී ඇත්තේ ජනසමාජයේ දේව විශ්වාසයේ යම් හිදැස් ඇති නිසාය. කරුණු එසේ හෙයින් සිරිලක් සිව්කොන ජනී ජනයාගේ මහත් ගෞරවාදරයට, කීර්තියට, විශ්වාසයට භාජනය වී ඇති අති ප්‍රබල බලයක් සහිත වූ සූනියම් දෙවියන්ගේ රූප ස්වභාව ඔබගේ චිත්ත සන්තානයේ මවාගෙන උන්වහන්සේ ඉදිරියේ පුද පූජා සත්කාර පැවැත්වීමෙන් ඔබගේ සිතැඟි ප්‍රාර්ථනා කල් නොගොස් ඉටු කරගැනීමේ භාග්‍ය උදාකරගත හැකි වෙනවාමය. මා මෙසේ කියන්නේ මගේ තිස් වසරක අත්දැකීම් අනුවය.

උන්වහන්සේට ඇරියුම් කරනා ප්‍රබල දැහැන පිළිබඳව මෙම ලිපිය තුළින් යම් අවබෝධයක් ලබා ගනිමු. උන්වහන්සේට යහන් පහන් දී ආරාධනාව සඳහා මෙම ප්‍රබල දැහැන අතිශයින්ම වැදගත් බව මෙහිලා අත්දැකීම් මත ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මෙය ‘බාර දීමේ දැහැන’ ලෙසද හඳුන්වනු ලබනවා. උන්වහන්සේගේ බැතිමතෙකු වන ඔබ මෙම ‘ආරාධනා දැහැන’ හුරුපුරුදුව සිටීම ඉතාම වැදගත්ය. ඒකාන්ත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙය අනුගමනය කළ යුතුමය.

සූනියම් දෙවිඳුට ඇරියුම් දැහැන

ඕං ජාහාන්ද ජාහන්තු පේසු පේසු
දේහෝ දේහෝ හේ හේ ගුරවා
තෝඩා බහන්දු දෙයියා සුළම්මා නාභි
ලංකා ජාටා බහන්දු ප්‍රේටා තුමා
දේහෝ ලාඩා මාසා කීඩා බාහු
ජාති ඉල්ල බොදු සැට බිට දේවි කාලි රාම
ගුරුවාඩා දේස් ජාතයි ලංකා
බහන්දු මුලුං ත්‍රංකාලි බහා ජේතනා
හරි ලංකා කාදේශ් කා දේ හෝ අල්ලා
භූමි ජාටා බහන්දු හේ හේ දෙයියා
බහන්දු කටහයි

(21 වතාවත් කීමෙන් බලය වැඩිවේ) මෙම දැහැන දේව ආරාධනාවේදී ඉතාම වැදගත් වනු ඇත.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division