Home » අන් අයගේ සිත් හඳුනාගත හැකි මනෝදර්ශන රේඛාව

අන් අයගේ සිත් හඳුනාගත හැකි මනෝදර්ශන රේඛාව

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

අන් අයගේ චරිත ලක්ෂණ ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන ඔබට දැනගැනීමේ හැකියාවක් ඇත්නම් මොනතරම් ආඩම්බරයක්ද? එවැනි පුදුමසහගත ඉඩක් ඇති ඉතා කලාතුරකින් අල්ලක දැකිය හැකි රේඛාවක් පිළිබඳව මෙවර අනාවරණය කෙරේ. දියුණු කරගත් චිත්ත සන්තානයක් ඇති අයටත්, පුනරුත්පත්තිය අනුව කාලයක් තිස්සේ නොකඩවා දියුණු කරගෙන එන මනසක් ඇති අයගේ අල්ලේත් මෙම රේඛාව හොඳින් දර්ශනය වී ඇති බව දැකිය හැකිය.

මෙම රේඛාව පරහිත් (අන් හිත්) දර්ශන රේඛාව හෙවත් ‘මනෝ දර්ශන රේඛාව’ යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම රේඛාව පිළිබඳව විමර්ශනයට පළමුවෙන් මේ සමඟ ඇති හස්ත රේඛා සටහන දෙස හොඳින් බලන්න. ඔබේ අල්ලේත් මෙම රේඛාව ඇතිද කියා බලන්න. මෙය චන්ද්‍ර මණ්ඩලයේ උතුරු දිශාවෙන් ආරම්භ වී අර්ධ කවයක් මෙන් නැවී හෘදය රේඛාවෙන් පහළ දෙවැනි කුජ මණ්ඩලය මතදී අවසන් වෙයි. ඇතැම් අවස්ථාවලදී මෙය බුධ මණ්ඩලයට හෙවත් සුළ ඟිල්ලේ මුලට වැටෙයි. එමෙන්ම මෙම රේඛාවේ විශේෂ ලක්ෂණයක් වනුයේ කිසිම අවස්ථාවක ඍජු රේඛාවක් වශයෙන් නොපිහිටිමයි. එමෙන්ම ගැඹුරු හා පැතලි රේඛාවක්ද නොවීමයි. මනෝ දර්ශන රේඛාව හැම අවස්ථාවේම සියුම් රේඛාවක් වේ.

“හිත්නොටිසම්”, “මැස්මරිසම්” මනෝ විද්‍යාව වැනි පෝෂණ ක්‍රම හා දර්ශන විද්‍යා උගතුන්ගේ අල්ලෙහිත් එම රේඛාව පිහිටිය හැකිය. එහෙත් ප්‍රායෝගික ජීවිත ගත කරන ඇතැමුන්ගේ අල්ලේ මෙම රේඛාව කිසිසේත්ම දර්ශනය නොවේ. මනස නොදියුණු මිනිස්සු තමාට නිරුත්සාහයෙන්ම වශී වන ගතියක් ඇති වේ. මනෝදර්ශන රේඛාව මඟින් ඇති කරවන බලවේගය අනුව සිත තුළ හටගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයකි. යමෙකුගේ මනසෙහි ස්වභාවයෙන් පවතින චලන ගතිය මෙම රේඛාවක් වැටීමත් සමඟම අවසන් වෙයි. වැඩ ගැනීමට හැකි තමාට පාලනය කරගත හැකි අචල චිත්ත සන්තාපයක් මෙම රේඛාව මඟින් ඇති කරවයි. එමෙන්ම භූතාත්ම සමඟ දැඩි සම්බන්ධකම් පවත්වන දේව ආකර්ෂණය ලත් අය සත්‍ය ලෙස ප්‍රකාශ කරන අයගේ අල්ලේ මෙම රේඛාව පිහිටා ඇති අතර ඔවුන්ගේ මනසෙහි අත්භූත සිතුවම් දර්ශන මැවෙයි. මෙම රේඛාවේ බලපෑම ප්‍රමාණය ඉක්මවා ගිය විට අසාධ්‍ය මානසික ආබාධවලට හැරී අවාසනාවන්ත ජීවිත ගත කිරීමටද සිදු වනු ඇත.

‘මනෝ දර්ශන රේඛාව’ වැටී ඇති අය සිතන්නේත්, පතන්නේත්, ක්‍රියා කරන්නේත් අන් අයට වඩා වෙනස් ආකාරයකටය. අවස්ථාවට උචිත ආකාරයෙන් ක්‍රියා කිරීම තවත් වැදගත් ලක්ෂණයක් වන්නේය. චන්ද්‍ර මණ්ඩලයේ උතුරු කොටසින් පටන්ගෙන කුජ මණ්ඩලයෙන් අවසන් වන මනෝ දර්ශන රේඛාවක් අල්ලේ පිහිටා තිබේ නම් එවැන්නන්ට යමක් කලින් පෙනෙන, දැනෙන, හැගෙන ඥානයක් ඇතිවේ. එවැනි අය ගුප්ත ශාස්ත්‍රයට දක්ෂයෝ වෙති. මෙම ලක්ෂණය වම් අල්ලේ පමණක් දර්ශනය වේ නම් උත්පත්තියෙන්ම පිහිටා ඇති එවැනි ප්‍රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම මෝඩයෙකු හෝ මානසික ලෙඩකු හෝ වීමක් පෙන්නුම් කරයි. හොඳින් පිහිටා ඇති එවැනි රේඛාවක් සමඟම හෘදය රේඛාවක්, ශීර්ෂ රේඛාවක් අතර කතිර ලක්ෂණයක් වැටී තිබේ නම් එවැනි අය “හිප්නොටිසම්”, මැස්මරිසම්” වැනි පෝෂණ ක්‍රම ප්‍රගුණ කළ හැකි දියුණු කරගත හැකි මනෝ ශක්තියක් ඇති පුද්ගලයකු විය හැකියි. රේඛාව කුඩාවටත්, රේඛා සමූහයකුත් සංකලනය වී පිහිටියේ නම් එවැන්නෝ ස්නායු දුර්වලතාවයෙන් පෙළෙන හා සුළු දේවලට පවා අධික ලෙස කැලඹෙන අය වෙති. මෙම රේඛාව කෙටි රේඛාවලට කැඩී බිඳී ගොස් තිබේ නම් අපස්මාරය හෝ ආවේශවී ශාස්ත්‍ර කීම හෝ එවැනි තත්ත්වයන්ට පත්වේ. මෙම කෙටි රේඛාවලින් හරස් අතට කැපී ගොස් තිබේ නම් තමාගේ ඥාතීන් හා ළඟින් ඇසුරු කරන අයගේ බලවත් විරෝධය මැද ගුප්ත ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමට පෙලඹුණු ගතියක් පෙන්නුම් කෙර්.

මනෝ දර්ශන රේඛාවේ සිට ශාඛා රේඛාවක් පැන නැඟී දෛව රේඛාවට සම්බන්ධ වී නම් තමාගේ රැකියාවත්, ජීවන මාර්ගයත් එම ගතිගුණ නිසාම පිරිහීමට පටන්ගනී. රේඛාව ආරම්භ වන්නේ දූපත් ලක්ෂණවලින් නම් සිහිනෙන් කතා කිරීම, සිහිනෙන් ඇවිදීම වැනි විකෘති ක්‍රියාවලින් නොයෙකුත් හිරිහැර විඳීමට සිදුවේ. තාරකා ලක්ෂණ වැටීම හේතුවෙන් දරුණු මානසික රෝගවලට ගොදුරු වෙයි. මෙම රේඛාව පැහැදිලිව ගැඹුරුව පිහිටීම ඉතා උසස් ප්‍රතිඵල ඇති කරයි. එවැනි රේඛා ඇති අයට අනුන්ගේ සිත් ගැන පුළුල් අවබෝධයක් ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division