Home » මහානුභාවසම්පන්න බුද්ධක ජිනපංජරය

මහානුභාවසම්පන්න බුද්ධක ජිනපංජරය

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

– දසදිසා බන්ධනයෙන් පොල්තෙල් සහ පිරිසුදු පැන් 54 වාරයක් ජීවම් කරගන්න
– පිරිත් කළ තෙල්වලින් පහන දැල්වීමෙන් ඇදහිය නොහැකි ප්‍රතිඵල 
– දසදිසා බන්ධනය යනුවෙන්ද හඳුන්වයි

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අප මම මෙවර ලබා දෙන මෙම උතුම් “ශාන්තිය ඛුද්ධක ජිනපංජරය” හෙවත් “දස දිසා” බන්ධනයයි.

අනන්ත ගුණසම්පන්න “පියුමතුරා බුදුරජාණන් වහන්සේ, සෝභිත බුදුරජාණන් වහන්සේ, කාෂ්‍යප බුදුරජාණන් වහන්සේ, සුමංගල බුදුරජාණන් වහන්සේ, සිඛී බුදුරජාණන් වහන්සේ, මේධංකර බුදුරජාණන් වහන්සේ, පියදස්සී බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ සහ සරණංකර බුදුරජාණන් වහන්සේ යන බුදුරජාණන් වහන්සේ දසදෙනා වහන්සේගේ සම්බුදු බලය දස දෙස බල පිහිටුවා ඇති මෙම උතුම් සත්‍යක්‍රියාව මෙලොව ඇති උතුම්ම ආරක්ෂාවයි.

සිල්වත් ශීලාචාර ගතිපැවතුම් ඇතිව මෙම උතුම් ශාන්තිය සිදුකර ගන්න. කෙනකුට ජීවිතයේ උපරිම රැකවරණය සැලසෙන අතර මහත් වූ දෙවිවරුන්ගේ අපමණ ආකර්ෂණය ලබා ගත හැකිය.

මෙම උතුම් දස දිසා බන්ධනය පිරිසිදු පොල් තෙල් සහ පිරිසිදු පැන් භාජනයක් මල් ආසනයක් මත තැන්පත් කර සම්බුදු පහන දල්වා තෙරුවන් වැඳ පංචශීලයේ පිහිටා 54 වාරයක් පිරිත්කර එම තෙලින් හැකි දින ගණනාවක් පහන දල්වා පිරිත් පැන් පවුලේ සැමට පානය කිරීමට සලස්වන්න. කොඩිවින බන්ධන විනාශ වේ. පහත් පෙළේ භූත බලවේග දුරු වේ. යක්ෂ භය, විෂ කැවීම් වැනි දෝෂ දුරු වේ. ඔබට විරුද්ධකම් කරන සියලු සතුරු බලවේඟ දුරු වේ.

කොපමණ වෙදහෙදකම් කළද සුව නොවන සියලු රෝගාබාධ සඳහා ඔබ පාවිච්චි කරන ඖෂධවලට පිරිත්කර පාවිච්චි කිරීමෙන් බෙහෙත් බල පිහිටවන අතර පවුලේ අසමගිකම් දුරු වී පුදුමාකාර සැනසීමක් ඇතිවේ. මෙම සියලු පිරිත් කිරීම් අවසානයේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පින් දීම සිදු කරන්න.

තෙරුවන් සරණයි.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා  විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි 
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division