Home » සතියේ කලදවස

සතියේ කලදවස

පෙබරවාරි 12 සිට 18 දක්වා

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

මේෂ 
උතුම් මිනිසුන් ඇසුරට ලැබේ

සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න හරහාය. ආරම්භය තරමක් ගැටලුසහගත විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. සිත් රිදීම් ගෙන දිය හැකිය. විදෙස් හිත මිතුරු ඥාතීන්ගෙන් උපකාර හිමිකර දෙයි. උසස් උතුම් මිතුරන් ආශ්‍රයට ලැබේ. අසල්වැසි සහ ඇසුරු කරන අය අතර ප්‍රසාදය දිනා කටයුතු කරයි. ව්‍යාපාර හා කරගෙන යන්නාවූ වෘත්තීන්ගෙන් අතමිට මිල මුදල් ගැවසේ.

සුබ අංක 5, 7, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

වෘෂභ
රැකියා, ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය හරහාය. ආරම්භය සතුටුදායක වේ. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. හිතවත් සහ වැඩිමහල් සහෝදරාදීන්ගේ උපකාර ලැබේ. සාමාජයීය පොදු වැඩවලට සහභාගිත්වය ඇතිවන අතර අන්‍යයන් අතර ප්‍රියමනාප වේ. සමහර අවස්ථාවල පාඩු හෝ නිෂ්ඵල ගමන් යෙදිය හැකිය. ආර්ථිකය ශක්තිමත් වේ.

සුබ අංක – 2, 6, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – සිකුරාදා, බදාදා

මිථුන
උද්‍යෝගයෙන් කටයුතු කරයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකි රක්ෂා, ව්‍යාපාර ආදායම් මාර්ග පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරයි. ඒවායින් සුබපල ඇතිවේ. විදෙස්ගතවීම් හෝ විදේශවල සිටින අයගේ හිතවත්කම් දක්නට ලැබෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබවාදී වේ.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක
පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතයේ කටයුතු සංයමයකින් යුතුව ඉවසීමෙන් කරගෙන ගියත් සිත් රිදීම් කලකිරීම් වැනි දේට මුහුණ දීමට සිදු විය හැකිය. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වීමේ වැඩි ප්‍රවණතාවක් ගෙන දෙයි. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ.

සුබ අංක – 2, 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ
කර්ම බලය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවතක් සැලවිය හැකිය. පුණ්‍ය කටයුතු සඳහා සහභාගිත්වය ඇතිවේ. කර්ම බලය ශක්තිමත් කරගත හැකි අන්දමේ කටයුතුවල නිරත වේ. අතපසුවීම් අමතකවීම් සිත් රිදීම් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

සුබ අංක – 2, 4, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා
සමාජ වැඩවලට යොමු වේ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර, පොදු සමාජ වැඩ, පුණ්‍ය කටයුතුවලට යොමු වෙයි. ආහාරපාන මෙන්ම ලෞකික සැප ඇතිවේ. ආර්ථිකය ශක්තිමත් වන ලාභ ඉපයීම් ගෙන දෙයි. සමහරවිට කනගාටුදායක අවස්ථාවලට මුහුණ දීමට සිදුවේ.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා
ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. සතුරන් පවා මිතුරු වීමට ද ඉඩ තිබේ. ගෘහ ජීවිතය යුගදිවිය තුළ ගැටලු අවම වේ. සතුටින් කල්ගත වේ. මේ සතිය තුළ ඔබට මිශ්‍රපල හිමි කර දෙයි. සහජ හැකියාවන්ට ඉඩකඩ ලැබෙන අතර පදිංචි ස්ථානයේ අලංකාරය පිළිබඳව වෙහෙසවෙයි.

සුබ අංක – 2, 6, සුබ වර්ණ – ක්‍රීම්, ලා නිල, සුබ දවස් – බදාදා, සිකුරාදා

වෘශ්චික
රැකියා, ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. අසල්වැසි සාමාජයීය සුහදතාව වර්ධනය වෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. සතුරු කරදර අවම වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ අසනීප තත්ත්වයන්වලට ඉඩ ඇති හෙයිනි.

සුබ අංක – 4, 5, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු
දූදරු මාපිය බැඳීම්

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. දූදරු මවුපිය බැඳීම් වැඩිවේ. එහෙත් සිත් රිදීම් වැනි දේ ඇතිවිය හැකි බැවින් පැවැත්ම සංවරශීලි කර ගැනීමත් වචනයක් පිට කිරීමට පළමුව සිතීමත් වැදගත් වේ. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. ඒවායින් ලාභ ප්‍රයෝජන ගෙන දේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේ.

සුබ අංක – 3, 5, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර
සහජ හැකියා තුළින් ජයග්‍රහණ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. මවු පාර්ශ්වයේ කෙනකු සමඟ අමනාපකමක් ඇතිවීමට හැකි බැවින් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් වන්න. සහජ හැකියාවන්, ස්වයං රැකියා ආදියෙන් ලාභ ප්‍රයෝජන ජයග්‍රහණ හිමි වේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇතිවේ. විවාහ පිළිබඳ තීන්දු තීරණ දරුපල සම්බන්ධ සුබ කරුණු අසන්නට ලැබේ.

සුබ අංක – 2, 6, සුබ වර්ණය – කහ, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ
මවුපිය උපකාරය

සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ සහෝදර මාපිය දූදරු බැඳීම් වර්ධනය වන මේ සතියේ ඔබගේ වචනය ප්‍රවේශම් කර ගැනීම වැදගත් වේ. මිල මුදල් අතමිට ගැවසුණද වියදම් ද ඒ ආකාරයෙන්ම වේ. ණය දීමෙන් වළකින්න. දෙමාපියන්ගෙන් උපකාර ලැබෙන සුබ සතියකි. නිවෙස් අලංකරණය පිණිස වෙහෙසේ. සෙම් රෝග පවතී.

අතමිට මිල මුදල් ගැවසේ
මීන

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, යන භාවයන් හරහාය. ඇසුරු කරන අය අතර සුහදතාව වර්ධනය වුවද මනස සන්සුන් කරගැනීමට අසීරුතා ඇති කරයි. මේ සතියේ ඔබ බොහෝ ඉවසීමකින් කටයුතු කළ යුතු අතර ආවේගශීලි බව මර්දනය කර ගත යුතුවේ. අතමිට මිල මුදල් ගැවසේ. ජයග්‍රහණ අත්වන සතියකි. සහජ හැකියාවන් තුළින් ඉදිරියට යා හැකිවේ.

සුබ අංකය – 9, සුබ වර්ණය කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division