Home » ඩයලොග් නිල වෙබ් අඩවිය යළි දියත් කරයි

ඩයලොග් නිල වෙබ් අඩවිය යළි දියත් කරයි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ඩයලොග් ආසිආටා පී.එල්.සී, සිය නිල වෙබ් අඩවිය වන dialog.lk, තවත් ප්‍රශස්ත ලෙසින් වැඩි දියුණු කර ඇත්තේ, වර්ණ අන්ධභාවය ඇතුළු පෙනීමේ දුර්වලතා, ස්නායු දුර්වල වීමෙන් ඇතිවන විවිධ ආබාධ, සංජානන හා සංවර්ධන අභියෝගවලින් පීඩා විඳින්නන්, අවධානය අඩු හා අධි ක්‍රියාකාරිත්වය (ADHD), මෙන්ම අපස්මාරය වැනි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් dialog.lk වෙබ් අඩවිය වෙත පහසු ප්‍රවේශයක් සලසමිනි. එවැනි ඩයලොග් පාරිභෝගිකයින් වෙනුවෙන් තිර කියවන (screen reader compatibility) වර්ණ පටිපාටි (colour schemes), ඡායාරූප හා වීඩියෝ සඳහා අකුරෙන් වන විස්තර කිරීම් ඇතුළත් අතර, පැහැදිලි හා සරල භාෂාවෙන් ඉදිරිපත් කෙරේ. “ ඩයලොග් වෙබ් අඩවිය තුළින් ස්වාධීනව එම සේවාවන් සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීමට දක්වන මෙම කැපවීම, සැමට වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනැගීමේ වැදගත් පියවරක්…” යනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division