Home » ඉන්දියානු සාගරයේ වැදගත්කම සහ කාර්යභාරය දැක්වූ IOSRC සමුළුව

ඉන්දියානු සාගරයේ වැදගත්කම සහ කාර්යභාරය දැක්වූ IOSRC සමුළුව

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ඉන්දියන් සාගරය විවිධ සම්පත්වලින් පොහොසත් වන බැවින් එය‍ අද්විතීය වටිනාකමක් ලැබී ඇති සාගර කලාපයක් බවට පත්ව ඇති අතර එය ගෝලීය වෙළදාමේ දී වඩාත්ම තරගකාරී සමුද්‍ර මාර්ගවලින් එකක් බවට පත්ව ඇත. මෙම තීරණාත්මක මුහුදු ගමන් මාර්ගය භාවිත කිරීම සඳහා දිනෙන් දින ඉල්ලුම වැඩිවන නිසා මුහුදු ගමනාගමනය අවහිර වෙමින් පවතී. එබැවින් ගෝලීය මුහුදු මාර්ග හරහා සිදු වන වෙළෙඳාම බාධාවකින් තොරව පවත්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය. IOSRC හෙවත් ඉන්දියානු සාගර මූලෝපායික පර්යේෂණ මධ්‍යස්ථානය සහ Women in Logistics and Transport (WiLAT) ආයතනයේ සහයෝගීතාවයෙන්, ඉන්දියානු සාගර සමුද්‍ර කලාපයේ, ක්‍රමානුකූලව විකාශනය වෙමින් පවතින මෙම අභියෝග සහ අවස්ථා ආමන්ත්‍රණය කිරීම සඳහා සාමූහික උපදේශන කථිකාවක් ආරම්භ කර ඇත. එබැවින් පසුගියදා පැවති සමුළුවක දී සමුද්‍රීය තිරසාරභාවය, ආරක්ෂාව, සාගර සංරක්ෂණය සහ සමුද්‍රීය නීතිය යන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සමුඵව සදහා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය Fredrik Haag ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වූ අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් දේශනයක් පවත්වන ලදී. සමුද්‍රීය නීතිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෑන් මලික් ගුණසේකර ද ගෝලීය සමුද්‍ර ගමන් මාර්ගයන් හි ජාත්‍යන්තර ගිවිසුම් සහ බැඳීම්, ත්‍රස්තවාදයේ හා මුහුදු කොල්ලකෑමේ නැගී එන අභියෝග පිළිබඳව දේශනයක් පවත්වන ලදී. සම්මන්ත්‍රණයේ සභාපතිනිය ලෙස භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ව්‍යාපාර සංවර්ධන, සමුද්‍රීය, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් අංශයේ සහකාර උප සභාපතිනි ධෂ්මා කරුණාරත්න කටයුතු කරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division