Home » අදානි පවර් සමාගම 2023 තුන් වැනි කාර්තුවේ ප්‍රතිඵල නිවේදනය කරයි

අදානි පවර් සමාගම 2023 තුන් වැනි කාර්තුවේ ප්‍රතිඵල නිවේදනය කරයි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින්, 2023 දෙසැම්බර් 31න් අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතකදී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින් අදානි පවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්. බී. ඛ්‍යාලියා පැවසුවේ, ” සමාගම උපාය මාර්ගික ව ස්ථාපනය කර ඇති බලාගාර ජාලය, පෞද්ගලික හා වෙළෙඳ යන අවශ්‍යතා සඳහා ප්‍රශස්ත ලෙස ධාරිතා වෙන් කර බෙදා හැරීම, ඉන්ධන කළමනාකරණය, සැපයුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ O&M හි විශිෂ්ටත්වය යන විශේෂතා දිනෙන් දින වැඩි වන බලශක්ති ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙමින් ලාභ උත්පාදනය කිරීම සඳහා හැකියාව ලබා දෙනවා. මහාන් හි ක්‍රියාත්මක බ්‍රවුන් ෆීල්ඩ් ව්‍යාපෘතිය තුළ මෙගාවොට් 1,600ක විදුලි නිෂ්පාදනයක් සිදු වන බවත් සඳහන් කළ යුතුම කරුණක්…”යනුවෙනි. අදානි පවර් සමාගම 2022-23 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුවට සාපේක්ෂව 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව තුළ වාර්තා කළ බදු පෙර ලාභයෙහි විශිෂ්ට වර්ධනයක් වාර්තා වූ අතර, 2022-23 මුල් මාස නවය තුළ වාර්තා වූ වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත් කල 154%කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division