Home » කැතේ පැසිෆික් යළි ශ්‍රී ලංකාවට

කැතේ පැසිෆික් යළි ශ්‍රී ලංකාවට

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

2020 කොවිඩ් වසංගත සමයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් අත්හිටුවා තිබූ Cathay Pacific Airways ගුවන් සේවාව, පෙබරවාරි 01 වැනිදා CX 611 ගුවන් යානයේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව කරා යළි ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය. ඒ, මගීන් 253 දෙනකු රැගත් මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණීමත් සමඟ ය. ඒ අනුව සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයක ම හොංකොං සිට කටුනායක දක්වා කැතේ ෆැසිපික් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. Cathay Pacific වසර 30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව සමඟ මඟී ගුවන් ප්‍රවාහන සේවාවේ සහ වාණිජ කටයුතුවල නිරත වූ අතර, ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් සමාගම 2020 මාර්තු මාසයේදී ගුවන් ගමන් තාවකාලිකව නතර කළේය. මෙම ගුවන් සේවාව හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division