Home » WCIC සම්මාන උලෙළේ ප්ලැටිනම් අනුග්‍රාහකයා AIA ඉන්ෂුවරන්ස්

WCIC සම්මාන උලෙළේ ප්ලැටිනම් අනුග්‍රාහකයා AIA ඉන්ෂුවරන්ස්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය සමඟින් ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළැඹෙමින් මේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උලෙළ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය කර තිබේ. මෙම මුලපිරුම ඔස්සේ, සියලු දෙනා ඇතුළත් කර ගනිමින් ක්‍රියාත්මක වීමටත්, කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණ ඇගැයීමටත් AIA හි ඇති කැපවීම පිළිබිඹු වෙයි. AIA හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරමින් කියා සිටියේ, ” මෙම ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උලෙළේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ක්‍රියාත්මක වීම අපට අභිමානයක්. කාන්තා ව්‍යවසායිකාවන් හට ව්‍යාපාර ලෝකය තුළ ශක්තිමත්ව කටයුතු කරමින් ඒ වෙනුවෙන් සතුටුදායක දායකත්වයක් සැපයීමට හැකි පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සහාය වීම AIA අරමුණයි…” යනුවෙනි.

You may also like

Leave a Comment