Home » වැඩ වර්ජන කළ යුත්තේ ජනතාවගේ එකඟතාවෙන්

වැඩ වර්ජන කළ යුත්තේ ජනතාවගේ එකඟතාවෙන්

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත

by Mahesh Lakehouse
February 3, 2024 12:39 am 0 comment

ජනතා විමුක්ති පෙරමුණ සියලු කම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව පිළිගන්නා අතර වැඩ වර්ජන කළ යුත්තේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් ජනතාවගේද එකඟතාවයෙන් යුතුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත සඳහන් කරයි. දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බවත් ඊට ජවිපෙ කිසිසේත් එකඟ නොවන බවද ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. වැඩ වර්ජන සිදු කළ යුත්තේ පාලකයන්ට එරෙහිව මිස අහිංසක ජනතාව පීඩාවට පත් කිරීමට නොවන බවත් වෛද්‍යවරුන්ට වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් එහෙත් සෞඛ්‍ය පද්ධතියේම අනෙක් සේවකයන්ට ද වැටුප් වැඩිවිය යුතු බවද ඔහු පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division