Home » ජනතාවට සහන දෙන්න ආණ්ඩුවට සැලසුමක් නෑ

ජනතාවට සහන දෙන්න ආණ්ඩුවට සැලසුමක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර්

by Mahesh Lakehouse
February 3, 2024 12:38 am 0 comment

ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොමැති බවත් නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානමක් ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් සිළුමිණට කීය.

‘‘මේ වන විට විදුලි බිල, ජල බිල වැඩි කරලා, ඒවා යළිත් ජනතාවට බරක් වන ලෙසින් සංශෝධනය කරන්නයි ආණ්ඩුව සැරසෙන්නෙ. මේ රජය තමන් කළ යුතු ප්‍රමුඛතාවයන් හඳුනාගෙන නැහැ. මිනිස්සු ජීවන බර දරාගන්න කරන අරගලය සම්බන්ධයෙන් කිසිම සංවේදිභාවයක් ආණ්ඩුවට නැහැ.

අපි වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න කිසිම දැක්මක් රජයට නැහැ. වක්‍ර බදු සියලු දෙනා පිට එක විදිහට පටවලා.

මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව තියෙන්නේ මර්දන නීති ගෙන ඒමටයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් ගේනවා, හැමෝම ත්‍රස්තවාදින් කියලා හිතලා තමයි මර්දන නීති ගේන්නෙ.

You may also like

Leave a Comment