Home » ගම්මාන 5000ක් සංවර්ධනය කරන නව රැකියා 50,000ක්

ගම්මාන 5000ක් සංවර්ධනය කරන නව රැකියා 50,000ක්

by Mahesh Lakehouse
February 3, 2024 12:33 am 0 comment

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අරමුණින් නව රැකියා 50,000ක් උත්පාදනය කිරීමට කටයුතු කර ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සිළුමිණට කීය. ඒ යටතේ ගම්මාන 5000ක් සංවර්ධනයටද කටයුතු කෙරෙන අතර දේශපාලන අධිකාරිය, රාජ්‍ය සේවය, පෞද්ගලික අංශයේ සහායෙන් ජනතාවට මේ සේවාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා සණස සංවර්ධන බැංකුවේ වැඩසටහනක් හරහා මේ කටයුතු සිදු කෙරෙන බවත් ඊට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ සහ එම අමාත්‍යාංශයේ සියලු සහයෝගය ලැබී ඇති බවත් තමාද එම කාර්යයයේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බවත් නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා, වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව, කාර්මික , පශු සම්පත්, නිෂ්පාදන, ඉඩම් ක්ෂේත්‍රය, මානව සම්පත් සංවර්ධනය, විකල්ප බලශක්ති ඇතුළු ස්වයංරැකියා සේවාවන් රැසක් හරහාස මෙසේ ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කර ‍ඇති බව ද ඔහු පැවසුවේය.

මේ ව්‍යාපෘතියේදී අධීක්ෂණ කටයුතු රාජ්‍ය මට්ටමින්ද සිදු කෙරෙන හෙයින් ජනතාවට නිසි උපදෙස් හා මඟ පෙන්වීම් අවශ්‍ය අවස්ථාවන්හිදී ලැබෙන හෙයින් අදාළ වෘත්තීන්හි ගැටලුවකින් තොරව යෙදිය හැකි බවත් අදාළ පාර්ශ්වයන් සමඟ පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division