Home » අස්වැසුම ඉබිගමනේ යවන නිලධාරීන්ට වැඩ වරදී

අස්වැසුම ඉබිගමනේ යවන නිලධාරීන්ට වැඩ වරදී

by Mahesh Lakehouse
February 3, 2024 12:35 am 0 comment

අස්වැසුම වැඩපිළිවෙළ මන්දගාමී කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම සිදුවන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඔවුන්ට දැඩිව දැනුම් දී ඇත.

පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කිසියම් පිරිසක් විසින් ප්‍රමාද කරන බවට පෙනෙන්නට තිබෙන බැවින් ජනාධිපති ලේකම්වරයා මෙලෙස නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් දා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත. අස්වැසුම නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සේම අලුතින් අස්වැසුම යටතේ ලියාපදිංචි කිරීම ගැන සමාලෝචනයක් මෙහිදි සිදුකර තිබේ.

එහිදී එක් දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලබා දී තිබෙන ඉලක්කය 100% ක් සපුරද්දී තවත් අයෙකු එය 20% ක ප්‍රතිශතයකින් නිම කර තිබිම සම්බන්ධයෙන් කරුණු දක්වමින්

ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. නැවත මෙවැනි දේ විය නොහැකි බවට ද ඔහු අවවාද කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division