Home » අමෙරිකාවෙන් සුපිරි දේශසීමා පාලන පද්ධතියක්

අමෙරිකාවෙන් සුපිරි දේශසීමා පාලන පද්ධතියක්

by Mahesh Lakehouse
February 3, 2024 12:36 am 0 comment

ගුවන් තොටුපොළ හා වරාය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයන් සේම ගුවනින් හා මුහුදින් දේශසීමා උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳව ක්ෂණිකව වාර්තා වන නවීන තාක්ෂණයෙන් යුතු දේශසීමා පාලන පද්ධතියක් ලබාදීමට අ‍ෙමරිකානු එක්සත් ජනපද රජය කැමැත්ත පළ කර ඇත.

ඔවුන් එලෙස කැමැත්ත පළ කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීය. එම අවස්ථාවට අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් දූත පිරිසක් සහභාගි වී සිටියහ. දේශසීමා පාලන පද්ධතිය නොමිලේ ලබාදීම ගැනද කතා බහ කෙරී ඇති අතර මෙමගින් මෙරටට ඇතුළුවෙන හා මෙරටින් පිටවන සියලු පුද්ගලයන් හඳුනා ගැනීමේ අවකාශය හිමිවේ. ත්‍රස්තවාදී ක්‍රියාවල සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම අපරාධකරුවන්ගේ තොරතුරුද මේ පද්ධතිය තුළ තිබෙන බැවින් ස්වයංක්‍රීයව එම තැනැත්තන් හඳුනා ගැනීමේ පහසුකම හිමිවේ.

යම් අයෙකු අපරාධයක් කොට රටින් පිටවීමට උත්සාහ ගන්නේ නම් එයද මෙමගින් වැළැක්විය හැකිය. මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කර ඇති අතර එය අපට ගැළපෙන්නේ ද නැති ද යන්න ගැන තවදුරටත් ඉදිරියේදී රජය අධ්‍යයනය කිරීමට නියමිතය.

You may also like

Leave a Comment