Home » කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීම – ගුරු උපදේශිකාවක් අත්අඩංගුවට

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීම – ගුරු උපදේශිකාවක් අත්අඩංගුවට

by Mahesh Lakehouse
January 27, 2024 12:31 am 0 comment

අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගය පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ගුරු උපදේශිකාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව කටුබැද්දේ මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 57 හැවිරිදි එම ගුරුඋපදේශිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (25) සවස් කාලයේදීය.

ආන්දෝලනයට තුඩු දුන් එම ප්‍රශ්න පත්‍රය පිට කළ කාර්යාල කාර්ය සහායකයා සිටි විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිනිය ලෙස කටයුතු කර ඇත්තේ ඇය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න ඒ ආකාරයෙන්ම විභාගය පැවැත්වීමට නියමිත වේලාවට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ඉඩ සැලැස්වීම හේතුවෙන් ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division