966
ආණ්ඩුව ඔන්ලයින් පනත ගෙනාවේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් බවත් එය මාධ්‍ය වාරණයක් බවත් ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ලෝකයේ ඕනෑම රටක් අද තොරතුරු දැන ගන්නේ සමාජ මාධ්‍ය හරහා බවත් රූපවාහිනිය සහ ගුවන් විදුලිය යල්පැන ගොස් ඇති මාධ්‍ය බවත් ඔහු පැවසුවේය.
තොරතුරු දැන ගැනීමේ අයිතියට වැට බැඳීමකට ආණ්ඩුව සූදානම් ව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වී ඇති බවත් වැට් බද්ද වැඩි කර ජල විදුලි බිල්පත් වැඩි කිරීම නිසා ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පෙන්වා දුන්නේය.
සුභද්‍රා දේශප්‍රිය