830
වත්මන් පාලකයන් වෙනස් වෙනතුරු මේ රට ගොඩගැනීම කළ නොහැකි බව සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය ලැබීමෙන් පසුව රට ස්ථාවර බව ආණ්ඩුව පැවසුවත් එවැන්නක් සිදු නොවන බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ හොරකම දූෂණය තිබෙනතුරු මේ තත්ත්වයට විසඳුමක් ලබා දීම අසීරු බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු බවත් මේ ආණ්ඩුව බඩ සුද්ද වෙන්න බෙහෙත් ලබා දුන්නත් ලෙඩා මිය යන බවත් පැවසුවේය.