Home » IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වගකීම සාගලට පවරයි

IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වගකීම සාගලට පවරයි

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේදැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පවරා තිබේ.

මෙරට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම තීරණයට එළඹ ඇත.

මෙරට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට එහිදී දැනුම් දී තිබේ.

නාස්තිය, වංචාව,දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ (Government diagnosis) ප්‍රධාන කාර්යභාරය වේ.

මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි වාරිකය නිදහස් කිරීමට නියමිතය.

එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවරීමට ද මූල්‍ය අරමුදලේ දූත පිරිස තීන්දු කර තිබේ.

ඒ අනුව සාගල රත්නායක දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය ආරමුදල ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙස ද කටයුතු කරනු ඇත. ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම යාපනය ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති අතර සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපති ඇතුළු ලංකා ආණ්ඩුවට ස්තුතිය පළ කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division