Home » නිදහස් සමරුවට තායි අගමැති එයි

නිදහස් සමරුවට තායි අගමැති එයි

by Mahesh Lakehouse
January 27, 2024 12:31 am 0 comment

මෙවර 76 වැනි නිදහස් සමරු උලෙළේ ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් (Srettha Thavisin) සහභාගී වනු ඇත. තැවිසින් මහතා පෙබරවාරි තුන් වැනිදා දිවයිනට පැමිණෙන අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම ඔහුගේ පැමිණීමේ තවත් එක් අරමුණක් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ආරාධනය මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් උලෙළ සංස්කෘතිකාංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාර වලට පමණක් සීමා කොට ගාලු මුවදොර දී පැවැත්වීමට තීරණය කර ඇත.

නිදහස් දිනයට පැමිණෙන ආරාධිතයන්ට පිළිගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ සමරු කලාපයක් ද සම්පාදනය කරන අතර නැවත පරිශීලනය කළ හැකි සමරු කළඹක් ලෙස එය සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී දුන්නේය.

එමෙන්ම එම සමරු කළඹෙහි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තායි භාෂාවලින් පළ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division