Home » මේ වසරේ වරායේ රැකියා 20,000ක්

මේ වසරේ වරායේ රැකියා 20,000ක්

by Mahesh Lakehouse
January 27, 2024 12:33 am 0 comment
තාරක වික්‍රමසේකර

2024 වසර අවසන් වන විට වරාය අධිකාරිය ආශ්‍රිත රැකියා 20,000ක පමණ සංඛ්‍යාවක් උත්පාදනයට හැකිවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා සිළුමිණට පැවසීය. මේ වන විට අදානිගේ සමාගම විසින්ද කොළඹ වරාය ජැටියේ වැඩ කටයුතු අවසන් කරමින් සිටින බවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 580ක වියදමින් ජැටියක් ඉදිකිරීම සිදු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ කටයුතු නිමාවීමෙන් පසුව වරායේම රැකියා 5,000ක් පමණ උත්පාදනය වන බවත් ඒ ආශ්‍රිතව ඍජු රැකියා 15,000ක් පමණ ‍උත්පාදනය වන බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ එම සියලු රැකියා ඉහළ වැටුප් හා දීමනා ලබාගත හැකි පෞද්ගලික අංශය හරහා උත්පාදනය වන බවයි.

විශේෂයෙන්ම වරාය අධිකාරියද පසුගිය වසරේ රුපියල් බිලියන 90ක ආදායමක් උත්පාදනය කරගත් බවත් එයින් සේවක වැටුප්, රාජ්‍ය බදු හා මෙහෙයුම් ආදී සියලු වියදම් හැරුණු විට රුපියල් බිලියන 23ක් හෙවත් කෝටි 2300ක ශුද්ධ ලාභයක් උපයා ඇතැයි පැවසූ ඇමැතිවරයා මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික ජැටි අතර තරගයක් නිර්මාණය වී ඇතැයි ද රැකියා උත්පාදනය පෞද්ගලික අංශය හරහා ලබා ගැන්මේදී සේවකයන්ට වැඩි වාසි සැලසෙන බවත් පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division