596
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි 22 දා ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුළදී සිදුකල පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මූලික ශිල්පයන් ප්‍රගුණ කිරීමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබළු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබළු 13 දෙනෙක් ද සමඟිනි.
ප්‍රථම වතාවට යුද්ධ හමුදාපතිවරයකු පැරෂුට් පිම්මක් පැනීම මෙහි විශේෂත්වය වන්නේය.