Home » ඉන්දියාවෙන් යළිත් බිත්තර

ඉන්දියාවෙන් යළිත් බිත්තර

by Mahesh Lakehouse
January 27, 2024 12:32 am 0 comment
ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඉන්දියානු බිත්තර යළිත් ආනයනයට පියවර ගැනීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

ඉන්දියානු බිත්තර ආනයනය තාවකාලිකව නැවැත්වීමට ගත් තීරණයත් සමඟ බිත්තර මිල ඉහළ යාම නිසා මේ තීරණය ගත් බව ඇමැතිවරයා පැවසුවේය.

දේශීය බිත්තර නිෂ්පාදනය නංවාලීමට ඇති හැකියාව පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් සොයා බැලූ නමුත් එය ප්‍රායෝගික නොවූ නිසා බිත්තර යළි ආනයනයට තීරණය කළ බවත් ඒ අනුව අප්‍රේල් 03 වැනිදා දක්වා ඉන්දියානු බිත්තර ආනයනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඇමැතිවරයා කීය.

ආනයනික බිත්තර රුපියල් 43/-කට සතොස වෙළෙඳසල් ඔස්සේ ජනතාවට ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසී ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division