Home » පළාත් පාලන ආයතනවලට කසළින් මුදල්

පළාත් පාලන ආයතනවලට කසළින් මුදල්

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment
රසික කොටුදුරගේ

පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කර ‘බයෝගෑස්‘ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඒ සඳහා ආරම්භයක් ලෙස රුපියල් මිලියන 200ක් වෙන් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

එම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් අවසන් කර, රටේ සෑම පළාතකම කසළ කළමනාකරණය කරමින් ප්‍රාදේශීය සභාවලට ආදායමක් ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බවද ඔහු කීවේය.

හෙතෙම තවදුරටත් පවසා සිටියේ මේ වන විට ලංකාවේ සෑම පළාතකම සංචාරකයන් ගැවසෙන නිසා සෑම තැනක්ම පිරිසිදුව තැබීම මඟින් වඩා ආකර්ෂණීය අත්දැකීමක් ඔවුන්ට ලබාදිය හැකි බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division