ශ්‍රි ලාංකේය සිනමාවට වසර 77ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 52 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන කෙටි සමරුම් උත්සවය 30 වෙනිදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින සිනමාවට දායක වූ විශ්‍රාමික කලාකරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුප් දීමනාව ලබා දීම ද සිදු කිරීමට නියමිතය.
මෙවර විශ්‍රාමික වැටුප් වැඩසටහන යටතේ සිනමා කලාකරුවන් 147 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දෙන අතර, එම සංඛ්‍යාවට තවත් කලාකරුවන් 50 දෙනෙකු අලුතින් ඇතුළත් කර ගැනීමට නියමිතය.