Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

සුනාමි මතක

වසර දහ­න­ව­යක්ම ගත විය සුනා­මිය දැමු රටම අඳුරේ
නිතර සිතු­විලි මැවේ බිහි­සුණු විපත පිළි­බඳ මහද මැඳුරේ
අත­ර­මං­වුණු පිරිස ළත­වෙති සෙවණ යට තුරු වදුලෙ පඳුරේ
සසර ඇති­තුරු මෙවැනි විප­තක් නැවත නොක­රනු මැනවි සිඳුරේ

රුදුරු ජල­කඳ සමඟ සම­හරු පොර­බැදු හැටි ගාලු නග­රෙදි
නපුරු මිනි­සුන් කොල්ල කෑවා ගිලී දඟ­ලන අයව වතු­රෙදි
ගොදු­රු­විය මහ සයු­ර­ටම මුළු රටම දෙද­හ­ස්හ­තර වස­රෙදි
අඳුරු සෙව­ණැලි ලෙසින් හොල්මන් කරයි මා නිදන අත­රෙදි

ළඟා­විය ගොඩ බිමට බිය­කරු විලස මහ සාගරේ රළ පෙළ
ගලා ගිය ජල­ක­ඳට බිලි­විය මිනිස් ජීවිත සමඟ දේපොළ
විනා­ශය අප වෙතට ළංකර ලෝක­යම භීති­යට පත් කළ
සුනා­මිය මිය ගියේ නැත ඇත තවම ජන­තා­වගේ සිත් තුළ

ඒ. විතා­රණ


ආසිරි පතමු

හිරු කැන් ගලා මුළු ලොව­ටම කිරණ සැදී
තුරු­ලිය පුරා පිපි­යන් මල් සුවඳ රැඳී
විහ­ඟුන් ගයන ගී රාවෙට මිහිර රැඳී
අරු­ණැලි මතින් නව අවු­රුදු සිරිය ලදී

යායුතු ගමන් මඟ පෙර­ටම ගෙන යන්න
ආ මාව­තෙහි බාධක දුක් පිස ලන්න
පා මෙත කුළුණු ගුණ සාමය ලැබගන්න
ආසිරි පතමු නව අවු­රුදු පිළිගන්න

සෝම­දාස නානා­ය­ක්කාර


මල් කැකුළු

තැලෙන පොඩි­වෙන සිනිඳු මල් කැකුළු දෙස බලා
දෙනෙත දුක කිය­නවා උණු කඳුළු බිඳු හෙළා
සුවඳ මල් කැකුළු වැනි දැරි­වි­යන් කෙළෙ­සලා
කරන අප­චාර වැඩ ඇත රටේ වැඩි වෙලා

දැරි­වි­යන් මල් හැලෙන සොඳුරු වය­සෙහි ළමා
දූෂ­ණය කරන්නේ නරුම මිනි­සුන් තමා
වටින මවු­පි­ය­ව­රුනි කුලුණු නෙත සිත යොමා
රැක­ගන්න ළම­යින්ව නොකර තව තව පමා

මල් නේද පැහැ සුවඳ ළපටි වය­සෙහි ළමයි
බාර­ක­රු­වන් රටේ ඉදිරි ඒ අය තමයි
රැක ගැනුම දරු­වන් ලොකු අයගෙ යුතු­ක­මයි
නරු­ම­යන් යහ­ම­ඟට ගනිමු එය විස­ඳු­මයි

කුරු­ඳු­කු­ඹුරේ නන්ද­සිරි


දුන්හිඳ

චන්දන සිහිල
ගිරි අර­ණෙක
උරස ගැටී
කැන්දන සුවය
එක මොහො­තක
ලොවක් වටී
පන්හිඳ ලෙසට
ගිනි­ගත් සිත්
නිවන අටී
කන්දක කඳුළු
හරි මිහි­රට
ගලන හැටි

නයෝමි අම­ර­සිංහ


යථා­ර්ථය

ධන බලය හා සවිය ලැබු­ණට අප­රි­මිත
වේවි කිසි­යම් දිනක ජීවි­තය හැර යන්න
රාග වෛරය සමඟ මුලා­වත් සැඟවී ඇත
මිනි­ස්කම දියවි ගොස් මම­ත්වය පෙර­මු­ණට

එක්වීම සතු­ටක්ය දුකකි වෙන්වී යාම
ඉප­දීම මර­ණ­යකි මර­ණ­යත් උප­තක්ය
සියලු අත්හල යුතුය පෙන්වා දුනි අනි­ය­තය
බවුන් වැඩු­මෙන් තුටින හැක සසර ජය ගන්න

ගෙවෙ­න­තුරු ලියු­වත් මගේ පන්හිඳේ තුඩ
අව­බෝ­ධ­යක් ලැබුම සතු­ටක්ය දුන්න මට
කියා දුන් කරුණු ටික පිළි­ගැන්ම ඔබ සතුය
මෙය තමයි සත්ත­ටම ජීවි­තයෙ යථා­ර්ථය

චම්පා ගුණ­සේ­කර


පැතු­මක්

ලෝකෙම දිනුවා සේ දැනුණා අද අපට
තව එක ජය කණු­වයි ඇත්තේ ඔබට
එය ජය ගනු ඇත මේ වස­රෙම දිනක
පත­නවා ඔබට ඒ වෙනු­වෙන් තෙරු­වන් සරණ

සාපෙළ උස­ස්පෙළ සමත් වී ගෙන දුන් සතුට
කිසිදා අම­තක කරනු බැහැ පුතුනේ අපට
මේ භවයේ හා පෙර භවයේ ඔබ කළ පිනට
සිය­ලුම බාධක බිඳ නැංඟා ජය කණු වෙතට

අම්මා නුඹ වෙනු­වෙන් වෙහෙ­සුණු විදිහ
දන්නවා සියලු නෑමි­තු­රන් හැම දෙනාම
වෙහෙස නිව­න්නට අද අම්මට දුන් සතුට
නිම කළ නොහැක දිවි ඇති තුරා­වට

ගීතා කරු­ණා­ති­ලක


සුර­කිමු හෙළ බස

ළගන්නා අපේ හෙළ බස
රස අලං­කාර උපමා බස
පද­යෙන් පදය රස­වත් බස
කනට කන්කලු මිහිරි බස

අරුත රූපක මවා දෙන
සොඳුරු සුගම වචන දෙන
සිත් සතන් නිවා ලන
සිංහල උග­නිමු මන බඳන

ගීත­වත් සුන්දර හෙළ බස
අද­හස් සුපැ­හැ­දිලි කරන බස
අපේ මන­හර හර­වත් බස
පණ මෙන් සුර­කිමු බස

සුනේත්‍රා විජේ­රත්න


පැතු­මක්

අරු­ණලු උදා­වෙයි
දෙද­හස් විසි හත­රට
මල් පිපී ඵල දරයි
ප්‍රාර්ථනා හද පිරෙයි

අපල දුරු­වෙයි
බත බුල­තින් පිරෙයි
අලුත් වස­රක පැතුම්
හද තුළින් නැඟ එයි

මුවෙන් මුව සිනා දෙයි
විපත් බාධක නැති­වෙයි
නෙත් කඳුළු පිස­දමා
සිරි­කත රටට කැන්දයි

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


සංසාර ගමන

බුදු හාමු­දු­රු­වන්
හමු වුණා නම්
එද මිග­දායේ
මෙවන් දිගු ගම­නක්
එන්නෙ නැහැ
අපිත් සංසාරේ….
කිසා­ගෝ­තමි පටා­චාරා
රජ්ජු­මා­ලා­වන්
වගේ පින් බලා
නොඋන් හින්දයි
අදත් සංසාරේ
නොමළ ගෙය­කින්
අබ හොය­න්නට
“කිසා” ගිය පාරේ
මාත් පිය­වර එසෙ­ව්වා­නම්
අද නිවන් පුරේ…

චින්තා කරු­ණා­රත්න


සත්‍යා හා මිත්‍යා

උරු­වි­සිය පරද වන
රූ සිරිය විහිදු වන
ඉන්ද්‍ර­ජා­ලික නයන
යුගා­න්තය තෙක් දිවෙන
මුලාවේ සතප වන
කලාවේ හැඩ සදන
සක්ව­ලම සැරි සරන
සතුට බිය මැද නිදන
ඇගේ නම මිත්‍යාය

සියුම් සිරු­රින් සැදුණ
සුව­හ­සක් දුර දකින
තියුණු පිරි­සිදු නයන
සැකය මත වැඩ හිඳින
නිබඳ දුක් පිරි වරණ
අනිත බව හා බැඳුන
අඳුර තුළ රජ කරන
සැකයෙ සළු පිළි දරණ
ඇගේ නම සත්‍යාය

සබඳ ඒ දෙදෙ­නාම
සත්‍යාද මිත්‍යාද
නිවුන් සොහො­යු­රි­යන්ය

රාජේන්ද්‍ර බණ්ඩාර


කවි මිතුරි

සති අග කවි මිතුරි සොයමි
නොම දැක දුක් කවිය ලියමි
පන්හි­ඳ­කට එ දුක කවමි
යළි එන­තුරු බලා තැවෙමි

රැගත් පහන් බිඳ ගන­ඳුරු
ඇවිත් සොඳුරු ලිය විසි­තුරු
බඳිත් දිමුතු මුතු රන­තුරු
මහත් සතුට බල සුමි­තුරු

කවි මිතුරි හැඩ වන්නේය
රිවිදා යළි පැමි­ණෙ­න්නේය
නොවිඳා දුක් පසු­ව­න්නේය
නාඬා පුතු සැන­සෙ­න්නේය

ජය­ම්පති අල්ගම


දෙද­හස් විසි­හ­තර ජය­වේවා!

කලට වැසි ලැබී ගොවි­තැන සරු වේවා
කුස ගිනි නිවී ජන­හද සුව පත් වේවා
නිති ඔසු ලැබී ලෙඩ දුක් ගිනි නැති වේවා
සිරි­ලක් බිමේ සාමය නිති රජ වේවා

මිල මුද­ලින් දුගියා පොහො­සත් වේවා
පීඩා අණ පනත් වර්ජන නැති වේවා
සැම දේ ලැබී රට­වැ­සියා තුටු වේවා
සැම දෙවි පිහිට ලැබ කිරි­පැණි ඉති­රේවා

යුක්තියෙ දහම මුළු රට තුළ පැති­රේවා
සැම හද­වත් තුළම මෙත් සිත් ඇති­වේවා
ගෙවෙනා වසරෙ ලැබු දුකඳුර දුරු­වේවා
දෙද­හස් විසි­හ­තර සැම­ටම ජය­වේවා

රූප­සිරි කේ. ලිය­නගේ


දැන් ඉතින් අහ­ව­රයි

හද­වතේ දරා­ගෙන උහු­ලන්න බැරි බර
ජීවි­තය ගෙනියන්න දැරුවා අප­මණ වෙර
බැරි නිසා යාගන්න තවත් ඒ සා දුර
අව­ස­රයි වහ­න්නට සඳ­හ­ටම කවි දොර

විසි­රෙද්දි විජි­ත­යම දෑස් ළඟ මා තැනූ
වෙහෙ­සුණා කවි­ය­කට කර­න්නට දුක ගොනූ
නෑසෙද්දි මැසි­විල්ල සවන් ළඟ මුනු මුනූ
හිනැ­හෙන්න කුම­රියෙ ලොවේ සිට ඔබ දිනූ

සුජිත් අජන්ත ජය­සු­රිය


රට වෙනු­වෙන් පෙරට

ඈත ඉඳන් ඉඟි කර­නව
ඔබ­ටත් වෙන දේශ­ය­කට එන්නට
නොයන් පුතේ මවු­බිම හැරදා
නොපෙ­නෙන ඒ දුර රට­කට

ඔබේ පිය­වරු මී මුත්තන්
දහ­දිය බිදු එක් දිගට හෙලා
තැනු ඔබේ උත්තම දේශය
නොව­ටි­න්නෙද පුත නුඹ­හට

ඩොලර් දෙස බලා හැම­විට
ජීවිත බැහැ සරු කරන්න
ඇති දේ සතු­ටින් විද­ගෙන
ඉන්න පුතේ රට රැක ගෙන

උබ­ය­රත්න වන­සිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division