Home » කතුන්ගේ විවාහය ගැන කියන ග්‍රහ පිහිටීම් මෙන්න!

කතුන්ගේ විවාහය ගැන කියන ග්‍රහ පිහිටීම් මෙන්න!

by sachintha
January 27, 2024 1:00 am 0 comment

කතකගේ විවාහය තීරණය කළ යුත්තේ ලග්නයෙන් සඳුගෙන් සහ සත්වැනි රාශියෙන්

විවාහය අඩු වයසින් සිදුවන පිහිටීම්

ස්ත්‍රියකගේ විවාහය තීරණය කළ යුත්තේ ලග්නයෙන්, සඳුගෙන්, රවිගෙන් සහ සත්වැනි රාශියෙනි. ස්ත්‍රියකගේ ලිංගික ජීවිතයට අධිපති අඟහරුය. එබැවින් මෙහිදී අඟහරුගේ ශක්තිය සහ ධනු සිටින ස්ථානයද සැලකිල්ලට ගත යුතුය. සුබ ග්‍රහයන්ගේ බලපෑම් දෙවැන්නට සතරවැන්නට සහ දොළොස්වැන්නට මෙන්ම අඟහරුටද ලැබෙන විට ස්ත්‍රියකගේ විවාහය අඩු වයසින් සිදු වන අතර ඇයට හිමි වන සහකරු සමෘද්ධිමත් කෙනෙකු වේ.

සත්වැන්නට පාප ග්‍රහ බලපෑමක් එල්ල නොවේද විවාහය අඩු වයසින් සිදු වේ. අඟහරු බෙලහීනත්වයෙන් තොරව සිටියදී බුධ සමඟ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ සම්බන්ධ වූ විටද විවාහය අඩු වයසින් සිදු වේ. සත්වැන්නාධිපති මිත්‍ර ග්‍රහයෙකුගේ රාශිගත සුබතාවක් ද වෙමින් සිටියදී මිත්‍ර ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වී හෝ මිත්‍ර ග්‍රහයන් සමඟ සංයෝග වී හෝ කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණයක හෝ සිටින විට ද විවාහය අඩු වයසින් සිදු වනු ඇත.

සෙනසුරු රාහු වැනි බලවත් පාප ග්‍රහයන් සත්වැන්නෙහි සිටින විට හෝ සත්වැන්නට ඔවුන්ගේ දෘෂ්ටිය පතිත වන විට ස්ත්‍රියකගේ විවාහය වයස්ගතව සිදු වන බව සඳහන් කළ යුතුය. එවැනි පාප ග්‍රහයන් අඟහරු සමඟ එක් වූ විට හෝ අඟහරු දකින විට අත්වන ප්‍රතිඵලයද එයම වේ. සත්වැන්න පාප ග්‍රහයෙකුට අයත් රාශියක්ව තිබියදී පාප ග්‍රහයෙකු සමඟ සංයෝගයේ හෝ දෘෂ්ටියෙන් සම්බන්ධ වූ විට ද විවාහය ප්‍රමාද වනු ඇත.

විවාහය බොහෝ ප්‍රමාද වීමට වගකිවයුත්තා සෙනසුරුය. අසුබ තත්ත්වයට පත්වූ සත්වැන්නට සෙනසුරුත් බලපෑම් ඇති කරන විට විවාහය බොහෝ ප්‍රමාද වී සිදු වන බව සඳහන් කළ යුතුය.

පාප ග්‍රහයන් මෙන්ම සුබ ග්‍රහයන්ද එක විට සත්වැන්නට පිවිසි විට ස්ත්‍රිය කනවැන්දුම් වීමෙන් පසු වෙනත් විවාහයක් සිදු කරගනී. ලග්නාධිපති හෝ සඳු චර රාශියක එනම්, මේෂ, කටක, තුලා සහ මකර යන රාශිවලින් එකක සිටියදී සඳුගෙන් හෝ ලග්නයේ කේන්ද්‍ර ස්ථානවල ග්‍රහයෝ සිටිත් නම් ස්ත්‍රිය විවාහ දෙකක් කරගන්නා බව සඳහන් කළ යුතුය.

රාහු සඳු හෝ සිකුරු සමඟ ලග්නයට හෝ දෙවැන්නට පිවිස සිටියදී සත්වැන්න බලවත් පාප ග්‍රහයන් විසින් දුර්වල කරනු ලැබ තිබේ නම් ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයා හැර වෙනත් විවාහයක් කර ගනු ඇත.

සාමාන්‍යයෙන් විවාහය තීරණය කරනු ලබන්නේ බුධගේ ගෝචරයෙනි. සත්වැනි භාවයේ කුමන රාශියක වුවද බුධ ගමන් කරන විටදී හෝ ජන්ම අවස්ථාවේදී අඟහරු හෝ සත්වැන්නාධිපති සිටි රාශියක බුධ ගමන් කරන විටද එසේ නැතහොත් එම ග්‍රහයන්ගෙන් කවරෙකු හෝ බුධට දෘෂ්ටි එල්ල කරයිද කේන්දර හිමි ස්ත්‍රිය විවාහයට ඇතුළත් වේ.

ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division