Home » කේන්දරේ හයවැනි භාවයේ පලාපල විමසමු

කේන්දරේ හයවැනි භාවයේ පලාපල විමසමු

by sachintha
January 27, 2024 1:00 am 0 comment

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය – 49

මේ ජන්ම පත්‍රයේ 6වැනි භාව ස්ඵුටය ගුරු ග්‍රහයා හිමි ධනු රාශියේ සිකුරු හිමි නක්ෂත්‍රයක සහ ශනි හිමිඋපස්ථානය යෙදී ඇත

මෙම ජන්ම පත්‍රය හිමි තැනැත්තා ක්‍රිස්තු වර්ෂ 1993 අප්‍රේල් මාසයේ 07 වැනි බුධ දින පස්වරු 02.10 ට ජන්ම ලාභය ලබා ඇත. අප මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාවය පරීක්ෂා කරමු.

මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාව ස්ඵූටය ගුරු ග්‍රහයා හිමි ධනු රාශියේ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ශනි ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත.

මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවය හිමි සඳු ග්‍රහයා 3 වැනි භාවයේ තුලා රාශියේ කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සහ කේතු ග්‍රහයා හිමි උප ස්ථානයකද වෙයි.

නක්‍ෂත්‍රය අධිපති කුජ ග්‍රහයා 5 වැනි සහ 10 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ තැන්පත් සිටියි. ලග්න භාවයේ උපස්ථානය අධිපති රවි ග්‍රහයා 2 වැනි භාවය අධිපතිව 9 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා ජන්මියා රෝගාබාධවලට ගොදුරුවීම සහ රෝහල් ගතවීම පෙන්වයි.

ජන්ම පත්‍රයේ 6 වැනි භාවයේ උප ස්ථානය අධිපති ශනි ග්‍රහයා, කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. මේ කුජ ග්‍රහයා මිථුන රාශියේ තැන්පත්ව සිටියි. ඒ නිසා ජන්මියා මිථුන රාශියට සම්බන්ධ ශරීර කොටස්වල රෝගාබාධ මඟින් පීඩා ලබයි.

මේ අනුව කුජ ග්‍රහයාගේ නිවේදකත්වය 7, 8, 5, 2, 10 සහ 12 වැනි භාවවල යෙදේ. ඒ අනුව ජන්මියා රෝගාබාධවලට ගොදුරු වන බව පෙනේ.

තවද ජන්ම පත්‍රයේ 6 වැනි භාවය ගුරු ග්‍රහයා හිමි ධනු රාශියේ සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සහ ශනි ග්‍රහයා හිමි උප ස්ථානයකද වෙයි. මෙම ග්‍රහයන්ගේ ස්වභාවය අනුවද ජන්මියා රෝගාබාධ මඟින් පීඩා ලබයි.

ධනු රාශිය :- උකුල, කලවා, අස්ථි, ශරීරයේ චලනය අහිමි වීම, රක්තවාතය, උකුලේ ආබාධ, පෙනහලුවල ආබාධ, උරපතු ඇටය බිඳීම, වෙරිකෝස් ශිරාව.

පුවසල නක්‍ෂත්‍රය:- දියවැඩියාව, හමේ රෝග

උපස්ථානය:- ශනි. කාම රෝග, හිසෙහි පීනස, කෙළ

ලග්න භාවයේ සහ 6 වැනි භාවයේ නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී ඔවුන්ගේ ගෝචරය සමඟ එකඟ වන විට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබයි. 5 වැනි භාවයේ සහ 11 වැනි භාවයේ නිවේදකත්වය දරන ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී ඔවුන්ගේ ගෝචරය සමඟ එකඟ වන විට ජන්මියා රෝගාබාධවලින් සුවය ලබයි.

නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ දශා අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ප්‍රතිඵල ලබයි.

මෙම ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන් තෝරා ගමු.

1 වැනි භාවය; සඳු, ගුරු සහ කේතු.

6 වැනි භාවය; ගුරු, කුජ සහ බුධ.

මේ අනුව, 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සඳු, ගුරු, කේතු, කුජ සහ බුධ යන ග්‍රහයන් වෙති. මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියා රෝගාබාධවලින් පීඩා ලබයි.

5 වැනි භාවය; කුජ, සඳු සහ ශනි.

11 වැනි භාවය; සිකුරු.

මේ අනුව, 1 වැනි, 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ;

ගුරු, කුජ, සඳු, ශනි සහ සිකුරු යන ග්‍රහයන් වෙති.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division