Home » සියලු කටයුතු සාර්ථක වන මහානුභාවසම්පන්න මහා කදිරමාලා යන්ත්‍රය

සියලු කටයුතු සාර්ථක වන මහානුභාවසම්පන්න මහා කදිරමාලා යන්ත්‍රය

by sachintha
January 27, 2024 1:04 am 0 comment

අඟහරුවාදා – සිකුරාදා දිනවල පහන් දල්වා පූජෝපහාර පවත්වන්න

වේලායුධය කහ වතුරෙන් සෝදා හරියටම මේ වතාවත් කළොත් කතරගම දෙවියන්ගේ අනන්ත බලය ලැබෙනවාමයි

සිළුමිණ, ඉසිවර පාඨක බැතිබර ඔබ වෙත අප මහත් බැතියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ලෝකයේ හින්දු බැතිමතුන් මෙන්ම මෙරටද විවිධ ආගම් අදහන බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පුදනු ලබන කතරගම දිව්‍ය රාජයාණන්ගේ අනුහස් සහ තෙදබල තමා වෙත ලබාගත හැකි මහානුභාවසම්පන්න ‘කදිර දිව්‍ය රාජ’ මන්ත්‍රයයි. මෙහි සඳහන් වත්පිළිවෙත් සහ පූජෝපහාර නිසි ලෙස සම්පූර්ණකර ගත හැකි නම් කදිර දිව්‍යරාජ මහා කරුණාව ඔබ වෙත ලැබී ඔබ නොසිතූවිරූ ලෙස ධනසම්පන්න සහ තේජාන්විත අයෙකු බවට නිතැතින් පත්වේ. අප ඔබට නිතිපතා සිහිපත් කරන පරිදි ප්‍රතිපත්තිගරුක අයෙකු බවට පත් වී තමා තමාට වංචාකාරයෙකු නොවී විශ්වාසයෙන් යුතුව මෙම කටයුතු සිදුකළ යුතුය. කතරගම දිව්‍ය රාජයාණන්ගේ දිව්‍ය තේජානුභාවය විද්‍යමාන වන දිව්‍ය ආභරණය වනුයේ ‘වේලායුධයයී’.

වෙළෙඳපොළේ පූජා භාණ්ඩ අලෙවි කරන බොහෝ තැන්වලදී සහ පිත්තල භාණ්ඩ නිෂ්පාදන හා අලෙවි ආයතනවලදී ඔබට ඉතා කුඩා ප්‍රමාණයේ (අඟල් 6ක) පමණ ‘වේලයුධයක්’ මිල දී ගත හැකිය. නැත්නම් සාදවාගත හැක. එම ‘වේලායුධය’ කහ කුඩු මිශ්‍ර ජලයෙන් හොඳින් සෝදා සුවඳ දුම් දී මල් ආසනයක තැන්පත් කරන්න. එම මල් ආසනය යනු පුටුවක හෝ කුඩා මේසයක් මත කෙසෙල් කොළයක් එළා කහ මිශ්‍ර ජලය ඉස පිරිසිදු කරගන්න. තැඹිලි ගෙඩියක්, රත් කෙසෙල් ඇවරියක්, රතු පාට මල් සහ බෙලි කොළ ස්වල්පයක් ඒ මත තැන්පත් කර ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් පතුරවා කුඩා ‘වේලායුධය’ එම මල් අසුන මත තැන්පත් කරන්න.

ඉන් අනතුරුව පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර දෙවියන්ට පින් දී කතරගම දිව්‍ය රාජයාණන්ගේ අනන්ත බලය මෙම ‘වේලායුධය’ වෙතට බල පිහිටවා යන අධිෂ්ඨානයෙන් මෙහි පහත සඳහන් මහා කදිර මාලා මන්ත්‍රයෙන් ජීවම් බල පිහිටුවා ගන්න. ඉන් අනතුරුව නිවසේ හෝ ව්‍යාපරික ස්ථානයේ සුදුසු තැනක තැන්පත් කර අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පහනක් දල්වා ඔබට අවශ්‍ය ඕනෑම පූජෝපහාරයක් පවත්වා කතරගම දිව්‍ය රාජයාණන්ගෙන් අවශ්‍ය ඕනෑම යහපත් කාරණයක් ඉල්ලා සිටින්න.

ඔබ නොසිතූ විරූ ලෙස අපමණ ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙම උතුම් ‘වේලායුධය’ කතරගම දිව්‍ය රාජයාණන්ම බව නිතර සිහියට ගන්න.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division