Home » සිටි තැනින් ඔසවා තබන රුචක යෝගය

සිටි තැනින් ඔසවා තබන රුචක යෝගය

පංච මහා පුරුෂ යෝග අතරින් ප්‍රබලම එකක්

by sachintha
January 27, 2024 1:00 am 0 comment

උප්පත්ති කේන්දරයක 1, 4, 7, 10 ස්ථානවලකුජ ග්‍රහයා උච්චනම් එම කේන්දර හිමියාට රුචක යෝගය පිහිටයි

 

ජ්‍යොතිෂය තුළ ඇති ඉතා ප්‍රබල යෝග කිහිපයක් ලෙස ‘පංච මහා පුරුෂ යෝග‘ දැක්විය හැකිය. කිසියම් කේන්දර සටහනක මෙවැනි ‘පංච මහා පුරුෂ යෝග‘ නොමැති වුවද කේන්දර හිමියාට සාර්ථක විය හැකි බව අප මීට කලින් ලිපියකින් පෙන්වා දෙන ලදී. කෙසේ වෙතත් කේන්දර හිමියාට පංච මහා පුරුෂ යෝගයක් ඇත්නම් එම පිහිටීමද කේන්දර හිමියාගේ දියුණුව සඳහා ආශීර්වාදයක් වනු ඇත. සමහර දෙනෙකු පෙන්වා දෙන ආකාරයට ‘පංච මහා පුරුෂ යෝග‘ අතරින් ප්‍රබලතම පංච මහා පුරුෂ යෝගය ‘රුචක‘ නම් වූ යෝගය වේ.

මෙවර ප්‍රසිද්ධ චරිත කිහිපයකට අදාළ කේන්දර සටහන් මඟින් ‘රුචක‘ යෝගය පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමු.

මුලින්ම ‘රුචක‘ යෝගය නිසා යම් පුද්ගලයකුට උරුම වන චරිත ලක්ෂණ සහ වෙනත් ධනාත්මක තොරතුරු පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි. විශේෂයෙන් යම් පුද්ගලයකුගේ කේන්දර සටහනක ‘රුචක‘ යෝගය යෙදෙන්නේ එම පුද්ගලයාගේ උත්පත්ති කේන්දර සටහනේ 1, 4, 7, 10 වැනි කේන්ද්‍රස්ථානයක කුජ ග්‍රහයා උච්ච ලෙස හෝ ස්වක්ෂේත්‍රව තැන්පත් වීමෙනි. යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්දර සටහනක් තුළ ‘රුචක‘ යෝගය ඇත්නම් එම පුද්ගලයාට උත්පත්ති තත්ත්වයට වඩා ඉහළට යාමට භාග්‍යය උදා වනු ඇත. තවද යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්දර සටහනක් තුළ ‘රුචක‘ යෝගය ඇත්නම් නිර්භීත බව, අධිෂ්ඨානශීලි බව, ධෛර්යවන්ත බව වැනි ගතිගුණ උරුම වනු ඇත. එමෙන් ම ආරක්ෂක අංශවලට අදාළ ඉහළ තනතුරු, නීතිය හැදෑරීම වැනි කටයුතු ඔවුන්ට හොඳින් ගැළපෙයි. ඉතා ඉහළ පෞරුෂත්වයකට උරුම කියන ඔවුන්ට ඉතා ඉහළ නායකත්ව කුසලතා ද ඇති අතර බොහෝ විට දීර්ඝායුෂ ලැබීමට ද භාග්‍යය උදා වනු ඇත.

අප සැවොම ඉතා හොඳින් අසා ඇති ස්වාමින් වහන්සේ නමක වන දිඹුලාගල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය ‘තුලා‘ වන අතර 7 වන භාවය තුළ ‘රුචක‘ නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වී ඇත. උන්වහන්සේ හිටපු ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා බිය නොවූ ඉතා නිර්භීත චරිතයක් බව මුළු රටම දන්නා කාරණයකි. එමෙන් ම උන්වහන්සේ රාජ්‍ය නායකත්වයට පවා කියන දෙය මුහුණටම කියන්නට තරම් නිර්භීත වූ බව අප අසා ඇත.

උන්වහන්සේට ඉතා ඉහළ පෞරුෂත්වයක්ද තිබූ බව අප අසා ඇත. දිඹුලාගල නාහිමිපාණන්, දිඹුලාගල සහ අවට පෙදෙස්වල වෙසෙන ජනතාවට ඉතා විශිෂ්ට ලෙස නායකත්වයක් ලබා දෙන ලදි.

ඉහත උදාහරණවලින් පැහැදිලි වන්නේ ‘රුචක‘ යෝගය පිළිබඳව දක්වා ඇති ජ්‍යොතිෂමය සිද්ධාන්ත ප්‍රායෝගිකවද බෙහෙවින් සත්‍ය වන බවය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment