Home » Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

by sachintha
January 27, 2024 12:34 am 0 comment

Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඒ අනුව මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳ මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.

දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel Corporation, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දක්වන ලද කැපීපෙනෙන දායකත්වය සහ එම ව්‍යාපෘති විශිෂ්ට ලෙස විද්‍යුත් බලයෙන් බලගැන්වීම තුළින් ගොඩනඟා ගත් කීර්තිනාමය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමිවීම කෙරෙහි මූලික පදනමක් වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division