Home » යූනියන් ඇෂුවරන්ස් උපාධි අපේක්ෂකයන්ට නව මං තනන Uniship දියත් කරයි

යූනියන් ඇෂුවරන්ස් උපාධි අපේක්ෂකයන්ට නව මං තනන Uniship දියත් කරයි

by sachintha
January 27, 2024 12:40 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, දක්ෂයින් වැඩිදියුණු කිරීම සඳහා කැපවූ නව්‍ය සීමාවාසික වැඩසටහනක් වන ‘Uniship’ ව්‍යාපෘතිය ආරම්භ කරයි.

Uniship ව්‍යාපෘතිය මඟින් උපාධි අපේක්ෂකයින්ට සිය වෘත්තීය ජීවිතය තුළ විශිෂ්ටත්වයට පත්වීම සඳහා මාර්ගයක් සකස් කරමින්, සමාගම් මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමට සැලසුම් කර ඇති අද්විතීය සීමාවාසික වැඩසටහනක් පිරිනමයි. මෙම සුවිශේෂී වැඩසටහනට සහභාගි වන්නන්, නව්‍ය තේරීම් ක්‍රියාවලියක් හරහා ඉතා සූක්ෂම ලෙස තෝරා ගැනිණි. සුවිශේෂී දක්ෂතා රැසක් සහිත තෝරා ගත් උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට, ඔවුන්ගේ වෘත්තීය ජාලය පුළුල් කර ගැනීමට සහ ආයතනික ලෝකයේ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන් දැක්වූ දායකත්වය හඳුනා ගනිමින් උපාධි අපේක්ෂකයින්ට වටිනා සහතිකයක් පිරිනැමේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී, ඉම්ටියාස් අනීෆ් සඳහන් කළේ, “අපගේ අලුත්ම සීමාවාසික වැඩසටහනේ සමාරම්භයට සහභාගි වීම විශාල සතුටක්. මේ ව්‍යාපෘතිය ඊළඟ පරම්පරාවේ දක්ෂතා වර්ධනය කරන්න අප කරන කැපවීම සමඟ බද්ධ වන මුල පිරීමක්. සීමාවාසික පුහුණුව ලබන සෑම කෙනෙකුට ම නිසැක මෙන් ම සාර්ථක අනාගතයක් සඳහා වේදිකාවක් සකස් කරන්න මේ ව්‍යාපෘතිය අත්දැකීමක් වේවි,”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division