Home » ලොව අග්‍ර ගණයේ ටයර් අතරින් විශ්වාසනීය සන්නාමය මැක්සිස්

ලොව අග්‍ර ගණයේ ටයර් අතරින් විශ්වාසනීය සන්නාමය මැක්සිස්

by sachintha
January 27, 2024 12:47 am 0 comment

2023 මැක්සිස් වෙළඳ නියෝජිතන් සඳහා වූ ත්‍යාග ප්‍රදානෝත්සවය ජයවර්ධනපුර මොනාක් ඉම්පිරිල්හිදි දිවයින පුරා විසිරි මැක්සිස් වෙළද නියෝජිතයින් 250 කගෙ සහභාගිත්වයෙන් සිදුවිය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර තායිවාන් මැක්සිස් සමාගමේ උප ජනාධිපති ලෙනි ලි , ආසියාවේ ජාත්‍යන්තර මැක්සිස් වෙළද හා අලෙවි කළමනාකරු කර්ක්කු හා තායිලන්ත ජාත්‍යන්තර මැක්සිස් අලෙවි කළමනාකරු ජැක් ලී ද සහභාගී විය.

ටයර් හවුස් සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ෆොන්සේකා , සමුහ අධ්‍යක්‍ෂ ගයාන් ෆොන්සේකා , ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ රොහාන් පිරිස් යන අයගේ අනුග්‍රහයෙන් ත්‍යාග ප්‍රදානෝත්සව රාත්‍රීය උත්කර්ෂවත් විය

2023 වසරේ ජයග්‍රාහකයා ලෙස දෙහිවල , සීමාසහිත රවින්ද්‍ර ලංකා ඔටෝ සර්විස් සමාගමේ අධ්‍යක්‍ෂ එච්.කේ.ලක්ෂ්මන් එහි කළමනාකාර අධ්‍යක්‍ෂ රවින්ද්‍ර ප්‍රේමතිලක ජය සංකේත ප්‍රදානය කිරීම ජාත්‍යන්තර තායිවාන් මැක්සිස් සමාගමේ උප ජනාධිපති ලෙනි ලි අතින් සිදුවිය.

දෙවන ස්ථානය කොළඹ 2 U&H Wheel සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ වසන්ත පෙරේරාට හිමි ජය සංකේතය ටයර් හවුස් සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ෆොන්සේකා විසින් ප්‍රදානය කරන ලදී.

තෙවන ස්ථානය කුරුණෑගල සීමාසහිත අමිල අබේනායක සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්.ඩබ්ලිව්. අමිල නිරෝෂන් අබේනායකට හිමි ජය සංකේතය ටයර් හවුස් සමුහ ව්‍යාපාරයේ සමුහ අධ්‍යක්‍ෂ ගයාන් ෆොන්සේකා අතින් ප්‍රදානය කරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division