Home » HNB FINANCE PLC හි නව සභාපති රජීව් දිසානායක

HNB FINANCE PLC හි නව සභාපති රජීව් දිසානායක

by sachintha
January 27, 2024 12:32 am 0 comment

HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස 2024 ජනවාරි 8 වන දින සිට රජීව් දිසානායක පත්කර ඇත. නව සභාපතිවරයා ලෙස පත්වුණු රජිව් දිසානායක 2017 වසරේ සිට, HNB FINANCE හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මින් ඉහතදී විගණන සහ අවදානම් කළමනාකරණ අධ්‍යක්ෂ කමිටුව ද මෙහෙයවීය.
මේ වන විට උපායමාර්ගික සහ ආයෝජන සමාලෝචන කමිටුවේ සභාපති, HNB හි කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Acuity Partners (Pvt.) Ltd, Lanka Venture PLC සහ Lanka Energy Fund PLC යන ආයතනයන්හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද හෙතෙම සිය සේවාව පිරිනමයි.
මෙම භූමිකාව දැරීමට මත්තෙන් ඔහු වසර අටකට වැඩි කාලයක් HNB හි ප්‍රධාන මූල්‍ය නිලධාරි සහ ප්‍රධාන උපාය මාර්ග නිලධාරී ලෙස සේවය කර ඇත. සභාපතිවරයා වශයෙන් රජිව් දිසානායක HNB FINANCE හි මෙහෙයුම් කාර්යයක්ෂම කරමින් සහ වෙළඳ පොළ වෙනස්වීම්වලට අනුගත වෙමින් ව්‍යාපාර වර්ධනය සහතික කිරීම සඳහා මඟ පෙන්වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division