Home » චන්දනාලේප වෙතින් ළදරු නිෂ්පාදන පෙළක්

චන්දනාලේප වෙතින් ළදරු නිෂ්පාදන පෙළක්

by sachintha
January 27, 2024 12:44 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවණ‍ය නිෂ්පාදකයා වන චන්දනාලේප සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළිදැක්වීය. සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්‍ෂ රංජිත් ප්‍රේමතිලක නව නිෂ්පාදන පෙළ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අපේ නව ළදරු නිෂ්පාදන පෙළ හඳුන්වාදීමත් සමඟ අපේ නිෂ්පාදන තුළ වන ඒ ගුණාත්මක බව, විශ්වාසනීයත්වය සහ සුරක්ෂිත බව සෑම මවුපියකු වෙතම වඩාත් හොඳින් සමීප කිරීමට හැකි වන බවයි.

චන්දනාලේප ළදරු සත්කාරක නිෂ්පාදන ළදරු සබන්, ළදරු ආලේපන සහ ළදරු කොලෝන්වලින් සමන්විතය.
ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දෙන චන්දනාලේප IRFA ප්‍රමිතීන්ට අනුව සහ ISO 9001:2015, ISO 14001:2015 සහ ISO 22716 රූපලාවන්‍ය GMP සහතිකය මගින් සිය ගුණාත්මක බව තහවුරු කර ඇත.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division