Home » සර්වෝදය, Hatch සමඟ එක්වී ‘ගොවි ලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කරයි

සර්වෝදය, Hatch සමඟ එක්වී ‘ගොවි ලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කරයි

by sachintha
January 27, 2024 12:43 am 0 comment

මෙම ජාතික වැඩසටහන, ඉන්දියාවේ PwC හි සහාය ඇති ව ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සමඟ Bill & Melinda Gates පදනම එක් ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (IDAT) ව්‍යාපෘතියේ කොටසක් ලෙස, මෙරට ජනතාව වෙත සේවා සැලසීම වෙනුවෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සංවිධානයක් වන සර්වෝදය, ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සමඟ එක් වෙමින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කිරීම පසුගියදා ආරම්භ කෙරිණි.
IDAT ව්‍යාපෘතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින්, ඩිජිටල්කරණය වූ කෘෂිකාර්මික පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් සවි බල ගැන්වීම මෙන්ම ඒ හරහා ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වැනි ප්‍රධාන අවශ්‍යතාවලට විසඳුම් ලබාදීම ගොවිලැබ් වැඩසටහනේ අරමුණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division