Home » ලෝක තෙත්බිම් දින­යට පරි­සර අධි­කා­රි­යෙන් විශේෂ වැඩ­ස­ට­හ­

ලෝක තෙත්බිම් දින­යට පරි­සර අධි­කා­රි­යෙන් විශේෂ වැඩ­ස­ට­හ­

by damith
January 20, 2024 12:32 am 0 comment

පෙබ­ර­වාරි 02 වන දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය සැම­රීම නිමි­ත්තෙන් මධ්‍යම පරි­සර අධි­කා­රිය වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමඟ ඒකා­බ­ද්ධව විශේෂ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු යොදා ඇත. ඒ අනුව, මෙවර තෙත්බිම් දින ජාතික උත්ස­වය තල­ව­තු­ගොඩ දිය­සරු උයන පරි­ශ්‍රයේ පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති අතර ඊට සම­ගා­මීව තෙත්බිම් රැක ගැනීමේ වැද­ග­ත්කම පහදා දෙන අයු­රින් ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හන් සූදා­නම් කර තිබේ.

තෙත්බිම් පිළි­බඳ දැනුම වර්ධ­නය කිරීමේ අර­මු­ණින් සකසා ඇති මෙම වැඩ­ස­ට­හනේ “පාරි­ස­රික ඡායා­රුප වැඩ­මුළු”, “පාරි­ස­රික චිත්‍ර ඇඳීමේ වැඩ­මුළු” සහ “තලං­ගම සහ දිය­සරු උයනේ පව­ත්වන පාරි­ස­රික අධ්‍ය­යන චාරිකා” සඳහා සහ­භා­ගී­වන පිරිස් ඒ සඳහා ලියා­ප­දිං­චිය (නොමි­ලයේ) ලබා ගත යුතුය. www.cea.lk යන මධ්‍යම පරි­සර අධි­කා­රියේ නිල වෙඩ් අඩ­වි­යට පිවිස එහි දකුණු පස තීරයේ ඇති “Wetland Festival” ලෙස දක්වා ඇති ස්ථානය වෙත පිවි­සී­මෙන් අදාළ තොර­තුරු ලබා ගත හැකිය.

මෙයට අම­ත­රව තෙත්බිම් පිළි­බඳ දැනුම වර්ධ­නය කර­ගැ­නීම සඳහා දැනුම ලබා ගැනී­මට කැමති ඕනෑම අයෙ­කුට 2024 පෙබ­ර­වාරි මස 02 දින ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වාත් 2024 පෙබ­ර­වාරි 03 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වාත් තල­ව­තු­ගොඩ දිය­සරු උයන පරි­ශ්‍රය නොමි­ලයේ නැර­ඹී­මට සහ එම පරි­ශ්‍රයේ තෙත්බිම් දිනය වෙනු­වෙන් පව­ත්වනු ලබන ප්‍රද­ර්ශන කුටි නැර­ඹීමේ අව­ස්ථාව උදා­කර ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division