Home » නිද­හස් දින­යට විදුලි එළි­යෙන් ගොඩ­නැ­ඟිලි සර­සන්න ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස්

නිද­හස් දින­යට විදුලි එළි­යෙන් ගොඩ­නැ­ඟිලි සර­සන්න ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස්

by damith
January 20, 2024 12:41 am 0 comment

ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිද­හස් දින සමරු උලෙළ විශේෂ අව­ස්ථා­වක් සේ සලකා රාජ්‍ය ආය­තන, ගොඩ­නැ­ඟිලි විදුලි ආලෝ­ක­යෙන් අලං­ක­ර­ණය කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව එළ­ඹෙන පෙබ­ර­වාරි මස 3 හා 4 දින­යන්හි රාජ්‍ය ආය­තන ගොඩ­නැ­ඟිලි විදු­ලි­යෙන් අලං­ක­ර­ණය කරන ලෙස චක්‍ර­ලේ­ඛ­යක් මඟින් රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස් දී ඇති බව ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

වත්මන් තත්ත්වය සැල­කි­ල්ලට ගෙන සුදුසු අයු­රින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් තමන් යටතේ ඇති සියලු ආය­තන දැනු­වත් කරන ලෙසත් රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ට චක්‍ර­ලේ­ඛය මඟින් දැනුම් දී ඇත.

නිද­හස් දින සමරු උලෙළ පෙබ­ර­වාරි 1 සිට 7 දා දක්වා පුරා සති­යක් සියලු රජයේ ආය­තන ගොඩ­නැ­ඟි­ලි­වල ජාතික කොඩිය ඔස­වන ලෙසද ඒ චක්‍ර­ලේ­ඛය මඟින් උප­දෙස් දී තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division