Home » තේ පොහොර මිල බසී

තේ පොහොර මිල බසී

by damith
January 20, 2024 12:40 am 0 comment

කුඩා තේ වතු හිමි­යන් තේ වගාව කෙරෙහි යොමු­වීම දිරි­මත් කිරීම් අර­මු­ණින් රුපි­යල් 9,750ක්ව පැවැති NPK රසා­ය­නික පොහොර

මිටි­යක මිල රුපි­යල් 7,700 දක්වා රුපි­යල් 2,050කින් පහළ හෙළී­මට කෘෂි­ක­ර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර පිය­වර ගෙන ඇත.

වසර 2022දී වසර 27කට පසු වාර්තා වූ අඩුම තේ අස්වැන්න ලෙස තේ කිලෝ මිලි­යන 251.8ක් වාර්තා වූ අතර, එය වෙළෙ­ඳ­පොළේ තේ කිලෝ­වක මිල ඉහළ ගිය ඉති­හා­ස­ගත වර්ෂය ලෙස සැල­කෙන බව පැවසූ ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලයේ සභා­පති නිරාජ් ද මැල් පොහොර මිල පහළ හෙලීම කුඩා තේ වතු හිමි­යන් දිරි­මත් කිරීම සඳහා කාලීන පිය­ව­රක් බව ද පැව­සීය. පොහොර මිල ඉහළ යෑම, දැඩි නිය­ඟය සහ අධික වර්ෂාව හේතු­වෙන් ඉකුත් වසරේ තේ අස්වැන්න කිලෝ මිලි­යන 256.03කට සීමා වුවද මෙම සාධ­නීය පිය­වර මඟින් මේ වසර අව­සන් වන විට තේ කිලෝ මිලි­යන 275ක අස්වැ­න්නක් අපේක්ෂා කරන බව සහා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division