Home » ලාදුරු මඬින්න විශේෂ ව්‍යාපෘ­ති­යක්

ලාදුරු මඬින්න විශේෂ ව්‍යාපෘ­ති­යක්

by damith
January 20, 2024 12:42 am 0 comment

ලාදුරු රෝගීන්ට ප්‍රති­කාර කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් මේ වසරේ සිට ක්‍රියා­ත්මක කරන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපා­රයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණ­වීර සිළු­මි­ණට පැව­සීය. ඒ යටතේ ප්‍රති­කාර මඟින් ඊට අදාළ විෂ­බීජ ව්‍යාප්තිය වළ­ක්වා­ලී­මට විශේ­ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් මේ වන විටත් ක්‍රියා­ත්මක බව ඔහු පෙන්වා දුන්නේය.

පසු­ගිය වසරේ ලාදුරු රෝගීන් 1550ක් වාර්තා වී ඇති අතර ඉන් 173ක්ම අවු­රුදු 14ට අඩු දරු­වන් බව පැවසූ අධ්‍ය­ක්ෂ­ව­රයා 50%ක් පමණ පිරි­සක් හමුව ඇත්තේ කොළඹ, ගම්පහ සහ මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්ක­ව­ලින් බවද පැව­සු­වේය. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් 315 දෙනකු වාර්තා වී ඇති අතර ගම්ප­හින් 168ක්ද මඩ­ක­ල­පු­වන් 151 සහ කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් 120ක් ලාදුරු වාර්තා වී තිබේ.

ලෝකයේ ළමා ලාදුරු ප්‍රති­ශ­තය 4% – 6% වන අතර එය ශ්‍රී ලංකාවේ 10% – 11% ක් වන බව ද අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සු­වේය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division