Home » තෙවන පාර්ශ්ව රථ­වා­හන වන්දි උසාවි නොගොස් ලබාදෙන සැල­සුම්

තෙවන පාර්ශ්ව රථ­වා­හන වන්දි උසාවි නොගොස් ලබාදෙන සැල­සුම්

by damith
January 20, 2024 12:43 am 0 comment

තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂ­ණ­යක් සහිත වාහ­න­යක ගැටී­මෙන් යමකුට ජීවිත හානි­යක් හෝ වෙන­යම් අන­තු­රක් සිදු වුව­හොත් එම පුද්ග­ල­යාට

අධි­ක­ර­ණ­යට නොයා අදාළ වන්දි මුදල රක්ෂණ සමා­ග­මෙන් ලබා­දී­මට රක්ෂණ සමා­ගම් එකඟ වූ බව ප්‍රවා­හන රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න පව­සයි.

මෙම රෙගු­ලාසි මෝටර් රථ ප්‍රවා­හන පන­තට ඇතු­ළත් කිරී­මට කට­යුතු යොදා ඇති බවත් එම සංශෝ­ධන මාර්තු මස පළ­මු­වැ­නිදා වන­විට සිදු කිරී­මට නිය­මිත බවත් මෙරට ක්‍රියා­ත්මක හත­ළි­හ­කට ආසන්න රක්ෂණ සමා­ගම් සහ රක්ෂණ නියා­මන කොමි­ෂන් සභාව සමඟ සාකච්ඡා කිරී­මෙන් පසුව මෙම තීර­ණය ගත් බවත් හෙතෙම සඳ­හන් කළේය.

මෙහිදී රුපි­යල් ලක්ෂ 5ක උප­රි­ම­ය­කට යටත්ව වන්දි ගෙවී­මට රක්ෂණ සමා­ගම් කැමැත්ත පළ කර ඇති බවත් අන­තු­රට ලක්වූ පුද්ග­ල­යාට එම වන්දි මුදල ප්‍රමා­ණ­වත් නොවන්නේ නම් අධි­ක­ර­ණය හමු­වට ගොස් වන්දි මුදල වැඩි කර ගැනීම සඳහා කට­යුතු කළ හැකි බවත් ප්‍රවා­හන රාජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

රසික කොටු­දු­රගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division