Home » ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් අඩු පොලී නිවාස ණය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් අඩු පොලී නිවාස ණය

by damith
January 20, 2024 12:45 am 0 comment
  • පළමු අදියරේදී 15,000කට අවස්ථාව
  • ලක්ෂ 10ක් දක්වා ණය ගන්න ඉඩකඩ
  • මිලියනයකට වඩා වැඩි ණය විශේෂ අනුමැතීන්ට යටත්ව

මෙරට ජන­තා­වගේ නිවාස ප්‍රශ්නය විස­ඳීමේ අර­මු­ණින් සමස්ත දිව­යි­නම ආව­ර­ණය වන පරිදි 12%ක සහන පොලි­ය­කට නිවාස ලබා දීමේ ‘සැමට නිව­හන‘ වැඩ සට­හන මේ වන විටත් ආරම්භ කර ඇති බව ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති රජීව් සූරි­ය­ආ­රච්චි සිළු­මි­ණට කීය.

2019 වස­රෙන් පසු නිවාස ණය පොලී අනු­පාත ශීඝ්‍ර ලෙසින් ඉහළ ගිය අතර එම පොලී අනු­පාත 20%ක්ද ඉක්මවා ගොස් තිබුණි. සැමට නිව­හන වැඩ සට­හ­නට අනුව ආර­ම්භ­යේදී 15,000කට නිවාස ණය ලබා දීමට නිය­මි­තය.

‘සැමට නිව­හන’ වැඩ සට­හන යටතේ ආර­ම්භක පිය­ව­රක් ලෙස එක් මැති­ව­රණ කොට්ඨා­ස­යක ඉල්ලු­ම්ක­රු­වන් 100කට නිවාස අලු­ත්වැ­ඩි­යා­වට හෝ අලු­තින් නිව­සක් තැනීම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 10ක් දක්වා ණය මුදල් ලබා­ගත හැකි බවද සභා­ප­ති­ව­රයා කීය.

එහෙත් රුපි­යල් ලක්ෂ10ට වැඩි ණය මුද­ලක් වුවද විශේෂ අනු­මැ­තීන්ට යටත්ව ලබා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ණය ලබා දීමේ මූලික කට­යුතු මේ වන විට අරඹා ඇතැ­යිද ඉදිරි මාස 2 ඇතු­ළත නිවාස ණය ප්‍රදා­නය කිරී­මට හැකි­වනු ඇතැ­යිද ඔහු තව දුර­ටත් පෙන්වා දුන්නේය.

ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ දිස්ත්‍රික් කාර්යාල හරහා නිවාස ණය ඉල්ලු­ම්ක­රු­වන්ට ලබා දෙන හෙයින් කඩි­න­මින් ණය පහ­සු­කම් ලබා දීමට හැකි­යාව ඇති බවද ඔහු පැව­සු­වේය.

නිවාස සංව­ර්ධ­නය වෙනු­වෙන් නාග­රික සංව­ර්ධන හා නිවාස අමා­ත්‍යාං­ශ­යට රුපි­යල් මිලි­යන 7,650ක් වෙන් කර තිබේ.

තාරක වික්‍ර­ම­සේ­කර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division