Home » ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ ගැන IMF ප්‍රසා­දය

ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ ගැන IMF ප්‍රසා­දය

by damith
January 20, 2024 12:44 am 0 comment

ඉතා ඉහළ අග­යක පැවැති උද්ධ­ම­නය තනි ඉල­ක්ක­ම­කට ගෙන ඒම, විදේ­ශීය නිල සංචි­තය ඩොලර් බිලි­යන 3 ඉක්ම­වීම, බදු ආදා­යම අහිමි වීම වැළැ­ක්වී­මට අල්ලස් දුෂණ පනත ගෙන ඒම වැනි ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ තුළින් ශ්‍රී ලංකාව සාධ­නීය ලෙස ජය­ග­නි­මින් සිටින බව නිරී­ක්ෂ­ණය වන්නේ යැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ (IMF) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෘවර් (Peter Breuer) පැව­සීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථි­කය යථා තත්ත්ව­යට පත්කි­රීමේ අභි­යෝ­ගය ජය ගනු ඇති බවද ඔහු විශ්වා­සය පළ කළේය.

බදු පරි­පා­ල­නය ශක්ති­මත් කිරීම, බදු නිද­හස් කිරීම් ඉවත් කිරීම ඇතුළු ප්‍රති­සං­ස්ක­රණ වඩාත් තිර­සර කිරී­මට ශ්‍රී ලංකාව දරන ප්‍රය­ත්න­යන්ට සහාය වීම සඳහා ණය­හි­මි­යන් අතර විශ්වා­සය තව­දු­ර­ටත් ගොඩ­නැං­වීම සඳහා තිර­සර බදු ප්‍රති­පත්ති ක්‍රියා­මාර්ග අවශ්‍ය වන බවත් බැංකු පන­තට කඩි­න­මින් සංශෝ­ධන ගෙන­එ­මින් බැංකු පද්ධ­තිය ශක්ති­මත් කළ යුතු බවත් හෙතෙම සඳ­හන් කළේය. එහිදී මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය සහ යහ­පා­ල­න­යක් සහි­තව ඉදි­රි­යට යෑමේ සහ ඩිජි­ට­ල්ක­ර­ණය තුළින් මූල්‍ය විනි­විද භාවය පව­ත්වා­ගෙන යෑම අත්‍ය­වශ්‍ය බවද ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෘවර් (Peter Breuer) ඒ බව පැව­සුවේ ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ආර්ථික ප්‍රති­සං­ස්ක­ර­ණ­වල ප්‍රග­තිය අධ්‍ය­ය­නය කිරීමේ නිරී­ක්ෂණ චාරි­කාව අව­සන් කර­මින් ඉකුත් 19 වැනි සිකු­රාදා කොළඹ මහ­බැංකු මූල­ස්ථා­නයේ පැවති විශේෂ මාධ්‍ය හමු­වේදී අද­හස් දක්ව­මිනි.

IMF වැඩ­ස­ට­හනේ දෙවැනි සමා­ලෝ­ච­න­යට පෙර ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව එක­ඟ­තා­වන්ට එළැ­ඹෙනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ පීටර් බ්‍රෘවර්, ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය සාර්ථක කර ගැනී­මට නිල ණය හිමි­යන් සමඟ ඇති­ක­ර­ගත් ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තාව වැද­ගත් සංධි­ස්ථා­න­යක් බව ද පැව­සීය. ඒ අනුව නිල ණය හිමි­යන් සමඟ අව­සන් ගිවි­සුම් කඩි­න­මින් අව­සන් කිරීම සහ බාහිර පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ විසඳා ගැනීම ඉතා වැද­ගත් බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ප්‍රග­ති­ශීලී දේපළ බද්දක් හඳුන්වා දීම පිළි­බඳ ප්‍රසා­දය පළ කළ ජ්‍යෙෂ්ඨ IMF දූත මණ්ඩල ප්‍රධා­නියා පැව­සුවේ එය මූල්‍ය අංශයේ ස්ථායී­තාව ආරක්ෂා කිරී­මට සහ ආර්ථික වර්ධ­න­යට සහාය දැක්වීමේ හැකි­යාව ශක්ති­මත් කිරී­මට ඉව­හල් වන බවයි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හනේ සමා­ලෝ­චන මාස 6කට වරක් සිදු­වන අතර පළමු සමා­ලෝ­ච­නය ඉකුත් දෙසැ­ම්බර් මස අව­සන් වූ බවත් දෙවැනි සමා­ලෝ­ච­නය සිදු කරන දින වක­වානු සම්බ­න්ධ­යෙන් මෙතෙක් තීර­ණ­යක් ගෙන නොමැති බවත් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෘවර් පැව­සීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යට ඉදිරි මාස කිහි­පය වැද­ගත් වනු ඇති බව ද හෙතෙම පැව­සීය.

2023 වසරේ තුන්වැනි කාර්තු­වේදී සිය­යට 1.6 ක ධනා­ත්මක වර්ධ­න­යක් වාර්තා කර ඇති අතර අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය හිඟය අඩු වී උද්ධ­ම­නය පාල­නය වී ඇති බවත් ජන­තා­වගේ ජීවන තත්ත්වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරීමේ අභි­යෝ­ගය රජය හමුවේ පව­තින බවත් එම අභි­යෝග ජය­ගැ­නීම සඳහා ශ්‍රී ලංකා­වට අඛ­ණ්ඩව සහාය දෙන බව ද ජ්‍යෙෂ්ඨ IMF දූත මණ්ඩල ප්‍රධා­නියා වැඩි­දු­ර­ටත් පැව­සීය. IMF හි ශ්‍රී ලංකාවේ නේවා­සික නියෝ­ජිත සර්වත් ජහාන් ද මෙම මාධ්‍ය හමු­වට සහ­භාගි වූවාය.

සුරේකා නිල්මිණි ඉලං­කෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division